ලසන්න ඝාතකයෝ චිත්‍රයෙන් මතුවෙයි

Published in පුවත්
Wednesday, 17 February 2016 12:08

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැක පුද්ගලයින් දෙදෙනෙකුගේ චිත්‍ර පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර ඔවුන් පිළිබඳ පරීක්ෂණ පැවැත් වීමට ජනතාවගෙන් ආධාර ඉල්ලා ඇත.

ලසන්ත ඝාතනය කෙරෙන්නේ 2009 ජනවාරි 08 වැනිදාය. ඉන් අනතුරුව ගෙවුණු සය වසරක් ම ඔහුගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරුණේ ඕනෑවට එපාවට ය. වෙනෙකක් තබා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරක් ප්‍රශ්න කර සිටියේ "කවුද ලසන්ත කියන්නෙ ? මෙච්චර මිනිස්සු මැරෙද්දි ඇයි එක ලසන්ත කෙනෙක් ගැන ඔච්චර හොයන්නේ" කියා ය.

ඝාතනයෙන් වසර හතකට පසුව හෝ පරීක්ෂණ යළි පණ ගැන්වීම වැදගත් ය. එහෙත් සත්වසරකට පසු පුද්ගලයකුගේ ස්වරූපය පිළිබඳව මිනිසුන්ගේ මතක වියැකී යාමට තිබෙන ඉඩ ඉතා වැඩි බැවින් සහ අදාල සැකකරුවන් තම බාහිර ස්වරූපයන් හොඳට ම වෙනස් කරගැනීමට ඉඩ ඇති බැවින් මෙම චිත්‍ර කොතෙක් දුරට ඵල දායී වෙයිද යන්න සැක සහිතය.

පසුගිය කාලයක් පුරාවට ලසන්ත ඝාතනය පිළිබඳව පරීක්ෂණ යට ගැසීමට ක්‍රියා කළ ඉහළ නිලධාරී න් පිළිබඳව පරීක්ෂණ කළ හැකි නම් එය මීට වඩා ඵල දායක වනු ඇත.

 

Lasantha2Lasantha1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us