ශ්‍රී ලංකාව තුළ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ පසගිය(25) දින යාපනය මරුදනාර්මඩම් හි පැවැති දෙමළ ජාතික සන්ධානයේ, යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින්ය.

යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩ පිළිවෙළ ආරම්භ වී ඇති බවයි.

පර්සි මහින්ද රාජපක්ෂගේ මෘග පාලනය තුළ මාධ්‍ය නිදහස නිර්ලජ්ජිතව හා අමු අමුවේ විනාශ කිරීමේ කථාන්තරය හොඳින්ම පිළිඹිබු වන්නේ රිවිර පුවත් සමාගම් ඉතිහාසය තුළ විය හැකි බව විදේශකටයුතු නියොජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසයි.

වසර 67ක් මුළුල්ලේ මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා මෙන්ම ආණ්ඩු පෙරලූ බවත් නායකයෝ ගෙනා බවත් නායකයෝ මාරු කළත් අපේ ජීවිතවල ප්‍රශ්නය එලෙසම බවත් බලයට එන්නන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තුට්ටුවකට මායිම් නොකර ඒ අයගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවත් ගෙයක් නැත්නම් ගෙයක් හදාගන්න. එක වාහනයක් මදිනම් වාහන දහයක් ගන්න. දරුවෝ පිටරට යවන්න. හෝටල් හදාගන්න. නැව් ගන්න. කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි දේශපාලනයට ආවේ අපේ ප්‍රශ්න විසඳගන්න නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව බේරුවල පැවති ජන රැළියකදී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

බොරු ෆැක්ටරියක් වී තිබෙන විමල් වීරවංශයේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අද දින 'සත්හඬ' පුවත්පතේ උපුටා ගැනිමක් ලෙස හැඟවෙන ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවතක් පළ කර තිබේ. 'සත්හඬ' නමින් මේ රටේ ඇත්තේ එක් ඉරිදා පුවත් පතකි. එම පුවත් පතෙහි මෙවැනි පුවතක් පළ වී නැත.

මහපොළ 6000 යි..... අලුතින් බඳින අයට ලක්ෂ 2 යි...

උසස් අධ්‍යාපනයට 50000 යි...

මේ කුරුණෑගල ඡන්ද අපේක්ෂකයකු තමා සමාජ වෙබ් අඩවිවල බලයට යටත් වූ බව දැක්වෙන ප්‍රකාශ තුනක්.. අවුරුදු 10 ක් තිස්සේ උතුර සහ දකුණ තරුණ පරපුරට නිදහස් අදහස් දැරීමේ ඉඩ ඇහිරූ විධායක බලයේ සුපිරි තත්ත්වයක් ඉසිලු හිටපු පාලකයකු නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට තරඟ වදිමින් දෙන පොරොන්දු අහද්දි හිනායන්නේ කටින් නෙමේ ය.

මං දේශපාලනය ගැන උනන්දුවක් තිබුණු කෙනෙක් නෙවෙයි කවදාවත්ම. කොරේ පිටට මරේ කියල විවෘත ආර්ථිකයයි, විධායක ජනාධිපතිකමයි එකපාර කඩන් පාත්වෙච්ච අවුරුද්දෙ උපන් හින්දමද මන්දා ‘මට ඔය දේශපාලනය අරහං‘ කියල නිතර දෙවේලේ මතුර මතුරා කිව්වත් මට සිද්දවුණේම දේශපාලන කයිකතන්දර අස්සෙම ගැවසි ගැවසී, දැවටි දැවටී, රැවටි රැවටී, ඇවිළි ඇවිළී ඉන්න...

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්වූ ශ්‍රීපනිපය මේ වන විට පත්ව ඇත්තේ ඉතා අසරණ තත්වයකට බවත් එම පක්ෂයේ ජේෂ්ඨයන් බලා සිටියදී විමල් වීරවංශගේ මතයට ශ්‍රීලනිපය යටවී ඇති ආකාරය පිළිබදව කණගාටුවක් ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us