ශ්‍රීලනිප නාමයෝජනා ආයෙත් ?

Published in පුවත්
Tuesday, 16 February 2016 12:28

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පළාත් පාලන නියෝජිතයින් බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අර්බුදයකට පත්ව ඇති ශ්‍රීලනිප ය පළාත් පාලන මැතිවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන්නට තීරණය කර ඇති බව වාර්ථා වේ.

පසුගිය දින කිහිපය පුරාවට පක්ෂයෙහි විනය කඩකරමින් එහි නායකත්වයට අපහාස කෙරෙනා මට්ටමින් හැසිරුණු පුද්ගලයින් පිළිබඳව තීන්දුවක් ගැනීම පක්ෂ නායකත්වයේ වගකීමකි. කෙසේ වෙතත් මහින්ද පාර්ශ්වය ඔවුන් සිතූ තරම් බලවත් නොමැති බවක් පෙනෙන්නේ නව පක්ෂයක් බිහි කිරීම දිනෙන් දින කල්යන වාතාවරණය තුළය.

අදාල පුවත පහතින් -

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමට නැවත වරක් අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.


පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට අයදුම්පත් කැඳවීම අවසන් කර තිබෙන අතර, මේ අනුව අයදුම්පත් 14,000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බවද වාර්තා වේ.
මෙලෙස අයදුම්පත් යොමු කර තිබෙන පිරිසෙන් යම් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම නිර්මාණය කරන බව කියන නව පක්ෂයෙන් ඉදිරිපත් වෙතැයි ඇති වී තිබෙන සැකය මත අයදුම්කරුවන් පිරිසක් සූදානම් කර තැබීම සඳහා යළිත් වරක් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවද 'අදට' වාර්තා වේ.

 

මේ අනුව ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් හරහා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හරහා මෙම අයදුම්පත් කැඳවීමට සැලසුම් කර තිබේ. දැනට අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන යම් පිරිසක් පොදු විපක්ෂය සමග එක්ව කටයුතු කිරීම සහ වෙනත් පක්ෂයක් සකස් කිරීමට කටයුතු කළ බවට චෝදනා කර විනය පරීක්ෂණවලට ලක්කර සිටින පිරිස් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් අර්බුදයකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

 

ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන පිරිස් වැඩි වැඩියෙන් එකතු කරගැනීමටද පක්ෂය තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us