මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය, රටේ ආරක්ෂාව  ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී උත්සවයක් අමතමින් ඊයේ (26) ප්‍රකාශ කළේය. 
 
ලලිත් එල්ලාවලට හරසර පිදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.
 
1980 දීත් උතුරේදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු කීවේය.

"සංචාරයක් සඳහා කාල්ටන් නිවසට පැමිණි මෙම සිසුන් තමන් සමග ඡායාරුප කිහිපයකට පෙනී සිටීමට හිටපු ජනාධිපතිතුමා එකඟ කර ගත් අයුරු." යන සටහන සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි ඊයේ (26) දිනයේ සෙල්ෆී ඡායාරූප 3ක් පළ කර තිබිණි.

මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හෙට (27)පෙරවරුවේ විශේෂ සාකච්ඡ‍ාවක් පැවැත්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තමාට එරෙහිව නඩු පවරන්නේ නම් ඒ අවස්ථාව සතුටින් භාර ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අභියෝග කර සිටී.

 මහින්ද රාජපක්‍ෂ මහතාට ද්වේෂ සහගත ලෙස අපහාස කිරීමට එරෙහිව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්‌ඩාර, රන්ජන් රාමනායක සහ ගායක සුනිල් පෙරේරා යන මහත්වරුන්ගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

නව දේශපාලන ප්‍රවණතා සහ වෙනස් වීම් ඉදිරියේ ලෝකයේ දියුණු ව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බැවින් තම නායකත්වය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසන්නේ.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට විශේෂ කාර්ය බලකා සෙබළුන්ගේ ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us