යෝෂිත මහාධිකරණයට

Published in පුවත්
Monday, 08 February 2016 10:01

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු CSN ආයතනයේ මුදල් ගනුදෙනු පිළිබඳ චෝදනාවන්ට ලක්ව අත් අඩංගුවට ගත් පිරිසට ඉදිරියේදී මහාධිකරණ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් දැක්වෙන්නේ සියළුම විමර්ශන කටයුතු අවසන් වූ පසුව මහාධිකරණයේ නඩු පැවරීමට සඳහා උදෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවත් මෙම පරීක්ෂණයන්ට ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, අමාත්‍ය මණ්ඩලයේ හෝ නිලධාරීන්ගේ කිසිදු බලපෑමක් නැති බවත් ය.

මුදල් විශුද්ධිකරණය සහ රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා යටතේ මෙම නඩු පැවරීම සිදු කෙරෙණු ඇති බවට එම නිවේදනයේ සඳහන්ව ඇත.

එම නිවේදනය පහතින්

කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා පදනම් කර ගනිමින් සාධාරණ සමාජයක් සදහා වූ පුරවැසියෝ නම් සංවිධානය විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් 2015.03.15 දින විමර්ශන ආරම්භ කරන ලදී. මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මකව සිදු කරන බරපතල ඝනයේ අපරාධයකි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී9823 / 2015 යටතේ කරුණු වාර්තා කරන ලදී.

ඊට අදාළව මේ දක්වා ගරු අධිකරණය වෙත වැඩිදුර වාර්තා 20ක් ඉදිරිපත් කර ඇති අතර එමගින් විමර්ශනයේ ප්‍රගතිය ගරු අධිකරණයට වාර්තා කර විමර්ශන සදහා අවශ්‍ය නියෝග ලබා ගෙන ඇත. මෙම විමර්ශනය සිදුකරන ලද්දේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරින් සාමාන්‍ය අපරාධ නීතිය අනුව ඕනෑම පොලිස් නිලධාරියෙකු වෙත පැවරෙන විමර්ශන බලතල උපයෝගි කර ගනිමිනි.

මූලික වශයෙන් විමර්ශන නිලධාරීන්ගේ විමර්ශනයට ලක්වූයේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාලිකාව සදහා සංස්ථාපනය කරන ලද සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 234 ක් ලබා ගෙන තිබූ ආකාරය වේ. සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත් ලක්‍ෂ හතරක් (7,00,004) වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 07ක් බව අනාවරණය විය. ඉතිරි ප්‍රාග්ධනය ලැබුණු ආකාරය ගැන විමර්ශන කිරීමේ දී, ඒවා ව්‍යාජ ගණුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යානූකුල නොවන  ක්‍රියා මගින් උපයා ගන්නා ලද මුදල් බවට අනාවරණය වී ඇත. විදේශීය රාජ්‍යයක සමාගමක් හරහා ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක ගණුදෙනුවක් තුළින් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) සමාගමේ ප්‍රාග්ධනයට අවශ්‍ය අනෙකුත් මුදල් ලැබී ඇති බව විමර්ශණයේ දී හෙළි වී ඇත. මෙම ගණුදෙනුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශ සමාගමක ආයෝජනයක් මත සිදු කරන ව්‍යාපෘතියකි. වැඩිදුරටත් අනාවරණය වූයේ එම මුදල් (CSN) ආයතනයට ලැබුනේ යයි කියන ක්‍රමවලට අදාළ ගණුදෙනු පෙන්වා දී සිටින ආකාරයෙන්, සත්‍යය වශයෙන් සිදුවී නොමැති බවය. එබැවින් ආරම්භක ප්‍රාග්ධනය ලෙස යෙදවු මුදල්, විශුද්ධිකරණය තුළින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරීමට නෛතික හා සිද්ධිමේ පදනමක් උද්ගත වී ඇත.

මෙම සමාගමේ ලේඛණවලට අනුව මෙහි කොටස්කරුවන් සියළු දෙනාම ආරම්භක අධ්‍යක්‍ෂවරුන් වන අතර ඔවුන් රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව යන අය වේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය. සමාගමේ ගණුදෙනුවලට අදාල විද්‍ය{ත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වී ඇත්තේ නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ යන අය එම සමාගෙම් සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවය.

මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදුකර ඇති බවට මෙම තැනැත්තන්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දී ඔවුන් මෙම වරද සම්බන්ධව ප්‍රකාශ කරන ලද කරුණු තුළින් ඔවුන්ගේ නිර්දෝශිභාවය අනාවරණය වී නොමැත.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 (05) උප වගන්තිය යටතේ පොලිස් නිලධාරියෙකු සතු නෛතික බලය ඉෂ්ඨ කරනු වස් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සැකකරුවන් 2016.02.11 දක්වා බන්ධනාගාර ගත කරන ලදී.

ඉහත වරදට අමතරව මෙම සැකකරුවන් කඣඨ ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ද සිදු කර ඇති බව අනාවරණය වී ඇත. රාජ්‍යය දේපළ අවභාවිතය සිදු කිරීමෙන් අපරාධ වරදවල් සිදුකර ඇති බවට ද අනාවරණය වෙමින් පවතී. මෙම කරුණු ඔස්සේ වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ.

මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තොරව යම් යම් විමර්ශණ කටයුතු සාර්ථකව හා නිවැරදි ලෙස සිදු කිරීමට නොහැකි විය. එබැවින් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුවිය. සියළුම විමර්ශන කටයුතුවලින් පසුව මහාධිකරණයේ නඩු පැවරීම සදහා උධෘත ගොණු ගරු නීතිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම කරුණු පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ලබාගත් බව සඳහන් කරමි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් මේ සියලූ පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ. මේ කිසිඳු පරීක්‍ෂණයකට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හෝ නිලධාරීන්ගේ කිසිඳු බලපෑමක් හෝ ඇගිලි ගැසීමක් සිදු නොවන බව ද අවධාරණය කරමි.

2016 පෙබරවාරි 07

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us