චන්ද්‍රිකාව මෛත්‍රීව විකුණන් කන දහම් රත්වත්තේ නම් තක්කඩියා

Published in පුවත්
Sunday, 21 February 2016 00:18

එංගලන්තයේ මහ රැජින ආසියාවේ ඉහළම කලාශිල්පීන් කිහිප දෙනෙකුට නයිට් පදවි ලබා දිමට තීරණය කරලා තිබෙනවා... ඒ සඳහා ලංකාවෙන් තෝරගෙන තිබෙන්නේ ඔබතුමාව...නැටුම් ශිල්පය වෙනුවෙන් කරපු සේවය අගයලා තමයි මේක දෙන්නේ....‘ මේ මෙරට ප්‍රකට නර්තනාචාර්යවරයකුට මීට වසර දෙකකට පෙර එංගලන්තයේ සිට ලැබුණු දුරකතන ඇමැතුමකි.

නර්තනාචාර්යවරයාට මේ සිතා ගැනීමට අපහසු කරුනක් වූවද එහා කෙලවරේ සිට කතා කළ තැනැත්තා විසින් සති කිහිපයක් තිස්සේ කළ පැහැදිලි කිරීම නිසා ඒ සැකයෙන් වුවත් එකී පරිදි ඉතුරු වැඩ කටයුතු වලට සූදානම් විය.

ඒ අනුව මෙම පදවිය ලබා ගැනිම සඳහා එංගලන්තයට යායුතු විය. ඒ නිකම් නොවේ. තම නර්තන කණ්ඩායම සමගය . ඒ එලිසෙබෙත් මහ රැජින ඉදිරියේ නටා තම හැකියාවන් පෙන්වීමටය. ඒ වෙනුවෙන් 66 දෙනෙකුගේ කණ්ඩායමක් සූදානම් කිරීම්ටද උපදෙස් ලැබිණි. ගුවන් ප්‍රවේශ පත්‍රයේ සිට අන් සියලු පහසුකමක්ම නොමිලයෙය. රැජිනගේ තිබෙන අපල උපද්‍රව දුරුවෙන්න ගම්මඩු ශාන්තිකර්මයක්ද සිදුකළ යුතු බවටත් ඉල්ලීමක් ඉදිරි පත් විය. ඒ වෙනුවෙන්ද වෙනම කණ්ඩායමක් සූදානම් කෙරිණි. රැජින සමග වන භොජන සංග්‍රහයට හා ඇය සමග වන ‘බ්‍රෙක්ෆස්ට් ශෝ ‘ නැමැති රූපවාහිනි වැඩ සටහන වෙනුවෙන් සහභාගී වීමද සිදුවන බවත් එංගලන්තයේ සිට කතා කල පුද්ගලයා දැනුම් දුන්නේය. ඒ සඳහා වන ඇදුම් පැලැඳුම් වර්ණය පවා නියම විය. මාස කිහිපයක් තිස්සේ මේ කතා බහ යන අතරේදි නර්තනාචාර්යවරයා නව නැටුම් පුහුණුව මෙන්ම ඒ සදහා වන ඇඳුම් පැලැඳුම් සකස් කිරීමද සිදු කළේය. ඒ වෙනුවෙන් ලක්ෂ ගනනක් ඔහුට වැය විය.. එමෙන්ම නැටුම් ශිල්පීන් ඇතුලු 66 දෙනාගේ පවුල්වල පිරිස්ද මේ ලැබුණු අවස්ථාව සලකා බලා ඒ වෙනුවෙන් විශේෂ වෙහෙසක් වියදමක් දැරීය.

මේ අතර තුරේදී එංගලන්තයේ සිට කතා කළ පුද්ගලයා මේ නර්තනාචාර්යවරයා ලවා තොවිල් පවිල් යාග හොම අදිය සදහා වන අඩුම කුඩුම ගෙන්වා ගත්තේය. ගිනි පෙට්ටියේ සිටම හැම දෙයක්ම එංගලන්තයට යැවීය. බෙර හක්ගෙඩි නැටුම් ආබරන ආදියද ඒ අතර විය. එපමණක් නොවේ. වරෙක රත්තර සුර දෙසීයක් යැවීම ද සිදු කර තිබේ.

මේ පුද්ගලයාගේ චතුර කතාවෙන් බහෙන් හා විෂයය පිළිබඳවන මුහුකුරා ගිය දැනුම අනුව සුපිරි වැඩකරුවකු බව විශ්වස කිරීමට නර්තන ආචාර්යවරයාට සිදු විය. ඒ නිසා ඔහු කියන කියන දේ සිදු කිරීමට ඔහු මැලි වුයේ නැත. එසේ ගෙවුනු මාස කිහිපයකින් පසුව ඇතැම් යාග හොම කරන කියන හැටිද අහන්නට පටන් ගත්තේය. මහා යක්ෂ බලවේග සමඟ කටයුතු කරවා යැයි කී පුද්ගලයා තමන්ගෙන් යාග හෝම ශාන්ති කර්ම ආදිය කරන ආකාරය පිලිබඳ විමසීම අවුලක් බව නර්තනාචාර්යවරයාට වැටහිනි.

මේ අතරේදී එංගලන්තයේ ගමන දිනෙන් දිල කල් යවමින් තිබුණේය. ඊට දින නියම වුයේ 2015 ජුනි මසයේදීය. ප්‍රමාද වීමට විවිධ හේතු ඉදිරිපත් විය. අවසනයේ රැජින විසින් එවනු ලැබූ ඊමෙල් පණිවිඩය විවෘත කර ගැනීම සඳහා වන මුරපදය අමතක වී ඇතැයි කියමින් නැටුම් ගුරුවරයා සමග වන කතා බහ අවසන් විය. එංගලන්ත පුතයා තමාව රවටා වෙනත් ලාබ ප්‍රයොජන ලබා ගෙන ඇති බව නැටුම් ගුරුවරයා ටක්කෙටම දැන් ගත්තේ ඉන් පසුවය.

මේ එංගලන්ත පුතයා කවුද යන සොයා බැලිමට ඔහු යොමු වූයේ ඉන් පසුවය. තමා විසින් ඒ කාලය තුලදි මේ එංගලන්ත පුතයාට හදුන්වා දුන් අයට සිදුව ඇත්තේ කුමක්ද යන්න සොයා බැලුවේය. ඒ වන විටත් මෙරට තව පුද්ගලයන් ගනනාවක්ම මේ එංගලන්ත පුතයා කවුරුන්දැයි සොයමින් සිටියහ. ඒ සියලු දෙනාම මේ පුතයාගේ ගැට වලට අසුවීම් අවසන්ය. ඒ අතර මෙ රට ප්‍රකට පුද්ගලයන් ගනනාවක වෙයි. එහෙත් කිවකුත් තමන්ට සිදුවූ අලකංචිය ගැන කිසිවකුට පවසා තිබුණේ නැත. ඒ තමන් ඉතා මොඩ ලෙස මේ පුද්ගලයාට රැවටුන බව තවත් කෙනෙකු හා බිනීමට ඇති ලැජ්ජාව නිසා ඔවුන් නිහඩව සිටියහ.

ajith

කාලෙන් කාලට මෙවැනි මෙරට විවිධ හාස්කම් විජ්ජා පෙන්වන නූල් සුතර කාරයෝ පුද්ගලයන් මතුවෙයි. වැව් පිටින් පිරිත් කර ඒ ජනතාව බෙදා හැරිය හාමුදුරුවෝ ගැන අප ඇසූහ. කොට දෙනියාවේ හමුදුරුවෝ ගැන කතන්දර බොහොය, ගහලතැන්නේ කට්ටඩියාද එසේ මෙසේ පොරක් නෙවෙයි යැයිද කියවෙයි, කාලයක් සුමදාස අබේවික්‍රමද ටක්කෙටම අනාවැකි කියා ලොව පසිඳු විය. දෑස් අඳ නමුත් ඉන්දික තොටවත්තද දැන් ටක්කෙටම අණාවැකි කියා සුමදාස පමණක් නොව ඒ බජාර් එකම සැරන්ඩර් කර තිබේ. තවන් මෙවැනි වශී ගුරුකම් අන වින කොඩි වින ආදියට සූර වීර කම් පාන්නන් ගැන ඇතැම් පුවත් පත්වල පිටු ගනන් සති පුරා විශේෂාංගද රචනා වෙයි. අද අපි මේ කියන්නෙත් මේ වන විට සිය ගනනක ජනතාවක් වශි කරගෙන සිටින අලුත් පුතයා ගැනය. නමුත් මිනිහා ඉන්නේ ලංකාවේ නොවේ. එංගලන්තයෙය. පෙනී සිටින්නේ ‘දොස්තර දහම් රත්වත්තේ‘ නමිනි. තවත් තැනක ඔහුගේ නම දහම් නිශානි රත්වතේ හෝ අනුහස්ය.

චන්ද්‍රිකාගේ මල්ලි.. මෛත්‍රීගේ ජොතිෂඥයා

ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීප ඥාතියකු බව කියයි. කොටින්ම ‘ චන්ද්‍රිකා අක්කා‘ ලෙස ඔහු ඇයව ආමන්ත්‍රණය කරන්නේලු. ඒ දවස වල නිතර රජ ගේදර ගැවසුනේලු.. මේ තක්කඩියාගෙ ගොදුරක් බවට පත්ව සිටින කිත්සිරි ජයසේකර නම් ගායකයා කියන්නේ තමාට මොහුව හමුවුයේ චන්ද්‍රිකා යුගයේදී රජගෙදර පැවැති උත්සවයකදී බවය. ඔහු බොහො දෙනෙකු හා පවසා තිබු පරිදි චන්ද්‍රික යුගයේදී ඔහු ආරක්ෂක අමාතයංශයේ අතිරේක ලෙකම් වරයෙකි. එවකට නියොජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාව සිටියේ අනුරුද්ධ රත්වත්තේ ඔහුගේ මාමාය. ඒ අනුව ඔහුගේ අම්මා මංගලිකා රත්වත්තේය. එම පවුලේ උදවිය ඔහු හදුන්වන්නේ සුදු අප්පෝ නමින් වන බවය. එහෙත් ඔහුගේ නමට රත්වත්තේ කොටස එක් වූනේ ඔහුගේ පියාද රත්වත්තේ කෙනෙකු වන බැවින් විය යුතු නමුත් පියා ගැන ඔහු කිසිවකු හා පවසා ඇති බව දැන ගැනීමට නැත. ඒ දැන ගන්නට මංගලිකා රත්වත්තේ මහත්මියද දැන් ජීවතුන් අතර නැත.

එපමණක් නොව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ජොතිෂවේදියා ද තමන් බවත් ඔහුව ජනාධිපතිවරණයෙන් දිනෙව්වෙ වෙන කවුරුවත් නොව තමන්ගේ බලවේග විසින් බවත් ඔහු පවසයි. ජනාධිපතිවරයාගේ සියලූම ජොතිෂ කටයුතු තමා විසින් සිදු කරන බවත් ජනාධිපතිවරයා සතියට තුන් හතර ගමනක් තමාව අමතන බවත් ඔහු පවසයි. ජනාධිපතිගේ යුරෝපා සංචාර වලදී අනිවාර්යෙන්ම ඔහුව මුණ ගැසීමට තමන් යන බවත් ඔහුගේ අනුගමිකයන් හා පවසා ඇත.

එංගලන්තයේ රජ පවුලේ ඉතා සමීපතමයකු බව කියන මොහු එලිසෙබෙත් මහ රැජිනගේ කොන්දේ අමරුවලට වාත අමාරු වලට තෙල් සාත්තු කරන්නේ ඔහු බවද පවසයි. ඒ සමිප කම කෙතරම් ද කියතොත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක හමුවට ලංකාවට පැමිණි මහ රැජිනගේ පුත් චාල්ස් කුමාරයාට කොළබ නවතින්නට තැනක් සොයා දුන්නේද ඔහු බව කියය. ඒ දැනට හොටලයක් බවට පත් කොට ඇත කොළම රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායක මහතාගේ විසු නිවසේ කාමරයකි.

දෙහි කැපිලි ස්කයිප් වලින්

කොහොම නමුත් මොහුගේ සමාජ සම්බන්ධතා ජාලය අති විශාලය. මෙරට ඇමැතිවරුන්ගේ පටන් ෆෙස්බුක් සමාජ ජාලාවල රස්තියාදු ගහන යන එනමන් නැති මිත්‍යා දෘෂ්ඨික හා මුග්ධ පිරිස් දක්වා වන ඇච්ච බැච්චෝද විශාල ප්‍රමාණයක් මොහුගේ සමාජ සම්බන්ධතා ජාලයෙහි වෙති. මොහු සියලු සම්බන්ධතා දුරකතන ඇමතුම් හරහා ගොඩ නගා ගන්නා අතර පසුව ස්කයිප් තාක්ෂණය හරහා සියලු ජාවාරම් කාර තක්කඩි කටයුතු කරයි. කොටින්ම එංගලන්ත්යේ සිට මෙර පුද්ගලයන් වෙනුවෙන් කරනු ලබන ‘ දෙහි කැපීම‘ ද කරන්නේ ස්කයිප් විඩියො සන්නිවේදනය තාක්ෂණය උපයොගි කරගෙන්ය. හිසට දෙහි ගෙඩිය කපන විට පරිගනක තිරයට ඔලුව ඇල්ලිය යුතුය. යටි පතුලට දෙහි කපන විට යටි පතුල් දෙක පරිගනක තිරයේ තැබිය යුතුය. මන්ත්‍ර ගුරුකම් ශාන්තිකර්ම සියල්ල සිදු වනේ ඒ ආකාරයෙනි.

කෙසේ නමුත් මේ කටයුතු ඇතැමුන්ට නොමිලයෙම කර දිමත් සමහරුන්ගෙන් වෙනත් ආකාරයන්ගෙන් මුදල් එක් රැස්කර ගැනිමත් සිදු කර තිබේ. ඊටත් වඩා අති භායනක කටයුත්ත වී තිබෙනේ විශේෂයෙන් ඔහු හා සම්බන්ධවන ප්‍රකට පුද්ගලයන් සමග තවත් ප්‍රකට පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු විමසා ඒවා පටි ගතකර පසුව ඒ අනෙක් පුද්ගලයාට ඇසෙන්නට සලස්වා එම කරුනු ප්‍රසිද්ධ කරවන බවට තර්ජනය කර මුදල් ගරා ගැනිමේ ජාවාරමකි. මෙසේ උගුලකට අසු වුන ප්‍රකට ඇමැතිවරයකුගේ ඇමැති බිරිඳක් ද සිටී. ඇය ඇමැතිවරයාගේ අනියම් හැසිරීම පමණක් නොව සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරුද මේ හොර තක්කඩියාට පවසා ඇත්තේ ඔහු හරහා, අදෘෂමාන බලවේගයක පිහිටක් අපෙක්ෂාවෙනි. එහෙත් සිදුව ඇත්තේ අනෙකකි.

heladiwa

මෙසේ ම මේ හොර තක්කඩියා විසින් පිහිටුවා ගෙන තිබෙන ‘හෙළබිම සංස්කෘතික කවය‘ නම් ව්‍යාජ සංවිධානයක් මගින් මෙරට සංස්කෘතික උරුමය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති කරන බවට විදේශ ගත මෙරට පුද්ගලයන්ගෙන් හා විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් ගරාගෙන ඇති බවත් දැන් ගැනීමට ඇත. මෙරට ප්‍රකට කලාකරුවන් සම්බන්ධ කර ගෙන විවිධ වැඩ සටහන් සංවිධානය කරන මුවාවෙන් මේ ජාවාරම සිදුව තිබේ. මෙරට සංස්කෘතික උරුමය වෙනුවෙන් කටයුතු කරන ප්‍රකට පුද්ගලයන් රවටමින් එංගලන්තයේ වැඩ සටහන් වලට ගෙන්වා ගන්නා බවට බොරු පොරොන්දු දී කර ඇත්තේ ඉහත කි ජාවාරමය. එමෙන්ම එම පුද්ගලයන් මෙරට සිදුකරනු ලබන ඇතැම් ක්‍රියාකාරමක් තමා විසින් සිදු කරන ඒවා බව පෙන්වා මුදල් ගරා ගැනිමද සිදු කර ඇත.

තමන් බටහිර වෛද්‍යවරයෙක් ( ස්නායු රෝග පිළිබඳ විශේෂඥයෙක්) ආයුර්වේද වෛද්‍යවයවරයෙක්, ආචාර්යවරයෙක්, කට්ටඩියෙක් , සාන්තුවරයෙක් ලෙස පෙනි සිටින මොහු ගැන අපට අද හෙළිදරව් කරන්න වන්නේ මේකා නොම්මර එකේ හොර තක්කඩියකු වන බැවිනි. මොහු නිසා අමාරුවේ වැටුන් ශ්‍රිලාංකිකයන් ගනන අති විශාලය. ඇමැතිවරු, ඇමැති බිරින්දැවරු ඇමති සහෝදරවරු, මෙරට ප්‍රකට මෙන්ම අප්‍රකට භික්ෂූන් වහන්සේලා, ප්‍රකට කලාකරුවන්, ආචාර්යවරු, මහාචාර්යවරු, සාම්ප්‍රධායික උරුමය සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රාස්ත්‍රඥයන්, විද්වතුන්, අංගම්පොර කලා ශිල්පීන්, නැටුම් ශිල්පීන්, හමුදා හා පොලිස් ප්‍රධානින්, නළු නිලියන් මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් මොහුගේ උගුල් වල පැටලී ලක්ෂ ගනනින් මුදල් විනාශ කරගත්හ. පවුල් අවුල් කරගත්හ. කරමින් සිටිරැකියා අවුල් කරගත්හ. ණයකරුවන් වූහ. ලැජ්ජාවට පත්වූහ. නින්දාවට පත්වූහ. ඒ අතර තරුණියන් විශාල ප්‍රමාණයක්ද සිටින බව අපට දැනගැනිමට ලැබී තිබේ.

සහයට පාතාලය

මේ දහම් රත්වත්තේ නැමැත්තා විසින් සිදු කරමින් තිබෙන විනාශය සුළු පටු නැත. පසු ගිය කාලය මුලුල්ලේ අප විසින් සොයා ගත් තොරතුරු අති විශාල ප්‍රමාණයකි. බොහෝ දෙනක් තමන් මේ හොර තක්කඩියාගේ බස් වලට රැවැටුන බව තව කෙනෙකු හා කීමට ඇති ලැජ්ජාව නිසා සියලු පාඩු දරාගෙන සිටියහ. නැත්නම් දහම් රත්වත්තේ විසින් පිලියක් එවා මරා දමන බවට කරන තර්ජනයන් හමුවේ නිහඬ විය. පිල්ලි කෙසේ වෙතත් පතාලයේ කොන්ත්‍රාත් මිනීමරුවන්ව නම් ඔහු මේ වන විටත් තමන්ට සතුරුවූවන්ට පහර දීම සඳහා එවා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් තොරතුරු හෙලිකිරීමට අප තීරණය කළේ මේ හොර තක්කඩියාට තවත් කවෙරෙකු හෝ බිලි ගැනීමට තිබෙන අවස්ථාව අවහිර කිරීමටත් මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට වගකිව යුත්තන්ගේ ඇස් ඇරවීමටය.


මෙම දොස්තර දහම් රත්තේ යන අය ස්නායු රෝග වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියද අප ගේ සොයා බැලිම අනුව ඔහු වෛද්‍යවරයකු නොවේ. ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ දර්ශ්ර්නය පිලිබඳ උපාධියක් ඇති අතර අජඨාකාශ විද්‍යාව සම්බන්ධයෙන් හැදෑරීමක් කළ අයෙකි. ඒ 2009 වසරේදීය. නමුත් කෙටිකාලයක් පාමසිය ඔෂධ කලවම් කරනකු ලෙස ජීවිකාව කරගත් අයෙකි. පදිංචිය එංගලන්තයේ. ඔහු තවමත් 38 වැනි වියේ පසුවන්නෙකි. ඔහු උපන්නේ එංගලන්තයේ බවත් මුලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී බවත් ඔහු ඇතැම් කෙනෙකු හා පවසයි. බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස එරට පුරවැසි බව ලබා ඇත. ඔහු පාවිච්චි කරනු ලබන නාමය සහිත කිසිවකුත් ගැන මෙරටින් තොරතුරු වාර්තා නොවේ. ඔහු නමින් කෙනෙකු රත්වතේ පවුලේ හෝ බණ්ඩාරනායක පවුලේ හෝ නැත. එමෙන්ම එංගලන්තයේ පදිංචි ස්නායු සම්බන්ධ වෛද්‍යවරයකු එම පවුල්වල ඇත්තේ නැත. ඔහු එංගලන්තයේ රජ පවුලේ හෝ රජ පවුලේ සේවය කරනකුගේ හෝ සමීප සම්බන්ධතා ඇත්තෙකුද නොවේ. ඒ තබා මොහු සිය දහස් ගනනක් සමඟ සබන්ධතා පැවැත් වූවද මොහු කවුරුන්ද යන්න මේ සටහන පළවන තෙක් ඔහු පැවසූ දේ හැර වෙනයම් කරුණු කරනා කිසිවකුත් නොදනී. ඔහු නමින් වන ගූගල් ප්ලස් සමාජ ජාලයේ වන ගිනුමෙහි ඔහුගේ බව කියැවෙන ඡායාරූපයක් පළ කර ඇතත් ඒ සත්‍ය ඡායාරූපය නොවේ. ස්කයිප් විඩියෝ හරහා ඔහු සමග සම්බන්ධ වූවන් කිහිප දෙනා හැර අන් කිසිවකු ඔහුගේ රූපය දැක නැත. නමුත් අපට ඔහුගේ නියම ඡායාරූපයක් ලැබීතිබේ ඉහතින් පලවන්නේ එයය.

එංගලන්තේ හොර සාමාගම්

එමෙන්ම මොහු විසින් මේ තක්කඩිකම් කිරීම වෙනුවෙන් එංගලන්තයේ දැන්ට අප දන්නා පරිදි පෞද්ගලික සමාගම් දෙකක් ලියාපදිංචි කර තිබේ එකක් heladiwa heritaje circal ltd' ය අනෙක anuhas astrolojy ltd ය.

2015 පෙබරවාරියේ දී ආරම්බකල හෙලදිව හෙරිටේජ් හි ඔහු හැරෙන්නට අධ්‍යක්ෂකවරයකු සිටී. එකම කොටස්කරුව චතුර සූරියාරච්චි යන අය. සමාගම් ලේකම්වරයා ලෙස වරෙක අජිත් කුමාර වික්‍රමසිංහ යන කටයුතු කර ඇත. ඒ පසුගිය වසරේ අප්‍රේල් මාසයට පෙර ය. පසුව මෙම සමාගමේ නව අයිතිකරු ලෙස තරංගා නිශානි සපුමල් බණ්ඩාර ලෙස වෙනස් කොට ඇත. ඒ නමින් පෙනී සිටින්නේ ඔහුගේ බිරින්දෑය. වයස අවුරුදු 36 කි. ඇයද බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස එරට පුරවැසි බව ලබා ඇත. පසුව සමාගම් ලේකම් වරයා ලෙස අජිත් වලකඩ ගේ නැමැත්තා කටයුතු කර තිබේ. ඔහු ගුවන් යානා ඉංජිනේරුවකු හෝ ඒ සම්බන්ධව රැකියාවක නිරත වූවෙකි . ඔහු කාලයක් මෙරට සිටි පුද්ගලයකු වන අතර වරෙක ස්වාධීන රුපවාහිනියේ චැට් ඇන්ඞ් මියුසික් වැඩ සටහනට සහභාගී වූවෙකි, ඔහුව එම වැඩ සටහනට සහභාගී කරවගෙන තිබුනේ වත්මන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නිරොෂන් ප්‍රේමරත්නය. අප මෙම සමාගම් තොරතුරු ලබා ගත්තේ ඒංගලන්තයේ සමාගම් ලියාපදිංචි කිරීමේ 'companies house' ආයතනයෙනි. ඔවුන් විසින් ලබා දුන් සම්පූර්ණ වාර්තා අනුව මේ සමාගම එංගලන්තයේ සිදු කරන්නේ මොනවාද එහි වත්කම් ගැන කිසිදු තොරතුරක් එම ආයතන සතුව නැත, මන්ද එම සමාගම ලියා පදිංචි කිරීම හැර පසුව කිසිදු කටයුත්තක් සිදු කිරීම කර නොමැති බැවිනි . සමාගමේ වත්කම බ්‍රිතාන්‍ය පවුම් 1 කි.

anuhas

2010 සැප්තැම්බරයේදි අනුහස් ඇස්ට්‍රලොජි පුද්ගලික සමාගම බිරිඳගේ නමින්ම ආරම්බ කර ඇති අතර අනෙක් කොටස් කරුවා ලෙස බ්ර්තන ජාතිකයකුගේ නමක් සටහන්ව ඇත. එමෙන්ම අනුහස් නමින් පෙනී සිටින ඇතැත්තකුද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙති.නමුත් අනුහස් යනු ඔහුගේ කුඩා පුත්‍රයාගේ නමය. මෙම ආයතනයේද කිසිදු නිල ගනුදෙනුවක් සිදු වී නැති අතර එම සමාගමේ වත්කමද පවුම් 1 කි. මෙම සමාගම් 2 වෙනුවෙන් වෙබ් අඩවි 2ක හා ෆෙස්බුක් මිතුරු පුටු කිහිපයක්ම පවත්වාගෙන යයි. එමෙන්ම මේ ආයතන වල ලිපිනයන් ගනනාවක් විටින් විට යොදාගෙන ඇති අතර එවා එංගලන්තයේ ගම්බද පෙදෙස් වන අතර එම ලිපිනයන් වල එවැනි ආයතනයන් පිහිටා නැති බවත් අපගේ සොයා බැලීම් වලින් අනාවරණය විය.


කොහොම නමුත් මේ කණ්ඩායම විසින් සිදු කර ඇත්තේ එම සමාගමේ නම පෙන්වා වෙනත් ආකාරයන්ගෙන් මෙම හොර ජාවාරම කරගෙන ගොස් මුදල් ඉපැයීමය . ඒ වෙනුවෙන් ගිණුම් ගනනාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ විවිධ නම් වලිනි. මේ පුද්ගලයා ව්‍යාජ ලිපි ලෙඛන සැකසීමේ ශුරයකු බවද ඔහුගේ උගුල් වලට අහුවූවන් පෙන්වා දෙයි බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ආයතන වල හා මහ රැජිනගේ නිල නිවේදන ලෙස මෙරට පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපි ලේඛන යොමු කර ඇත. දහම් රත්වත්තේ නැමැති නමද ව්‍යාජ බව ඇතැමුන් පෙන්වා දෙන අතර ඔහුව වැඩි දෙනෙක් හඳුන් වන්නේ අනුහස් යන නමින්ය. කෙසේ නමුත් මොවුන් මේවන විටත් බ්‍රිතාන්‍ය රජයටත් ව්‍යාජ ලිපි ලෙඛන ඉදිරිපත් කර රවටා ඇති බව පැහැදිලිය.

සහයක හොර දෙ‍ටුවා අජිත් වලකඩගේ

මෙරට පුද්ගලයන් හා නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් ඔවුන්ව රත්වත්තගේ උගුලේ පැටලැවීම සිදු කොට ඇත්තේ මේ සමාගම් ලෙකම්වරයා වන අජිත් වලකඩ නැමැත්තා විසිනි. එංගලන්තයෙන් ලැබෙන තොරතුරු අනුව අජිත් වලකඩගේ නැමැත්තා මීට මාස 6කට පමණ පෙර මුදල් වංචාවකට අසුවී ඩුබායි හී සිර දඬුවම් විද තිබේ. මේ වන විට ඇප ලබා ඇත.

එ කෙසේ නමුත් මෙම සමාගමේ උපදේශකයන් ලෙස ආචාර්ය ශිරාන් දැරණියගල මහතා කටයුතු කරන බව මොවුන් විසින් පවත්වාගෙන යන ෆෙස්බුක් සමාජ ජාලා පිටුවක සඳහන්ය. ඊට අමතරව පරිසරවේදියකු වන තිලක් කන්දෙගම මහතාද එම සමාගමේ උපදේශකයෙකි. එමෙන් මෙම ව්‍යාපාරයේ මාධ්‍ය ලෙකම් වරයකු සේ පෙනී සිටියේ මෙරට ප්‍රකට ඇමැති වරයකුගේ මාධ්‍ය අංශයේ සිටි අයෙකි. එහෙත් ඔහුද මේ හොර තකඩියාගේ ගැට වලට අහු වී මුලු ජීවිතයම විනාශ කරගෙන රටට මුහුණ දිමට නොහැකිව සිටිනකු බැවින් ඔහුගේ අනන්‍යතාවය හෙලි නොකරමු.

වරක් දහම් රත්වත්තේ නැමැත්තා මෙරටට පැමිණන බව මොහුට දන්වා එවා තිබේ. තමන් සමග තම ආරක්ෂාවට වාහන හතරක ආරක්ෂකයන්ද පැමිනෙන බවත් තමන්ට එම අදාල ගම් පෙදෙසේ නවතැන් ගැනීමට සුදුසු නිවසක් සූදානම් කරන ලෙසද දන්වා ඇත. තමන් දේවත්ලයෙහිලා සලකුනු ලබන තැනැත්තාට තම නිවසේම නවාතැන් දිමට ඉටා ගත් මාධ්‍ය ලේකම්වරයා ඒ වෙනුවෙන් ලක්ෂ ගනනාවක් වැය කොට නිවස අලුත් වැඩියා කර තිබේ. අලුත් ගෘහභාණ්ඩඩ පමණක් නොව කෑම බීම පවා සූදානම් කළේ නිශ්චිතව පැමිණෙන දිනය හා වෙලාවන්ද දන්වා තිබුණු බැවිනි. එහෙත් ඔහු ආවේ නැත. කකුල කැඩුනු බව පවසා ඒ ගමන් කල් දැමීය. අපගේ මාධ්‍ය ලෙකම්වරයා මේවන විට ලක්ෂ ගනක ණයකරුවෙකි. තමන් මේ පුද්ගලයාට අසුවුන බව දැන ගන්නා විට තමන්ට යළි සමාජයට මුහුණ දීමටද නොහැකි තරමට අමාරුවේ වැටි සිටියෙය. මන්ද ඔහු තවත් තරුණ තරුණියන් රැසක් මේ හොර තක්කඩියාට හඳුන්වා දි තිබුණු නිසාය.

චන්නගෙන් කිත්සිරිගෙන් චරිත සහතික

channa 1

එමෙන්ම මොහුගේ කටයුතු අගය කරමින් එක් එක් පුද්ගලයන් විසින් ලවා සිදුකර ගත් ප්‍රකාෂ ගනනාවක් ද මේ තක්ක්ඩියා විසින් ඔවුන්ගේ වෙබ් අඩවි වල හා ෆෙස්බුක් සමාජ ජාලාවල ප්‍රශිදධ කර ඇත. ඒ අතර ප්‍රවීන නර්තනාචාර්ය චන්න විජෙවර්ධනද , ප්‍රවීණ ගායක කිත්සිරි ජයසේකරද වෙයි. කිත්සිරි ජයසේකර යනු ඇමැති දයාසිරි ජයසේකරගේ සොහොයුරාය. රත්වත්තේ මෙම ප්‍රකාශ ලබා ගෙන තිබුණේ තමන්ගේ කටයුතු අගය කරන ප්‍රකාශ ෆෙස්බුක් හි ප්‍රසිද්ධ කළ විට තන්ට තව තවත් සුබ පල ගෙනදෙනු ඇතැයි කියමිනි. සමහරුන් ලවා ඔහුට සෙත් පතා මෙට බොධි පූජා පිංකම් පවා පවත්වාගෙන තිබේ.


අප තව දුරටහ් සොයා ගත් තොරතුරු අනුව මේ දහම් රත්වත්තේ නැමැත්තා මෙරට තවත් තරුණ තරුණියන් රැසකටම එංගලන්ත සිහින මවා සංචාරයට, රැකියාවට, පදිංචි වීමට සුදානම් වෙන ලෙස බලාපොරොත්තු දල්වා ඇත. තවත් ඇතැමෙකුට වාහන ලබා දෙන බවට, ලැප්ටොප්, අයි ෆෝන් ආදිය ලබා දෙන බවද පොරොන්දු වී තිබේ. එහෙත් කිසිවකුට කිසිවක් ලබා දි නැත. එහෙත් මොහුගේ කටයුතු මෙරට ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මොහුට බක්තිමත්ව සිටි කිහිප දෙනෙකුට රුපියල් දහ පහලොස් දා ආදී ලෙස මුදල් ලබා දීම සිදු කොට තිබේ. එම මුදල්ද මෙරට සිටින තවත් පුද්ගලයන් හරාහා බැංකු ගත කිරීම සිදු කර ඇත. නමුත් මේ අනුගාමිකයන්ට තමන් නොමිලයේම අපල දුරු කරන බව පවසා 'සුර' ලබා දීම සිදු කර තිබේ. සාමාන්‍යයෙන් මෙලෙස ගුප්ත ශ්‍රාස්ත්‍රකරුවන් ලබා දෙන සුර තුල තෙල් හෝ තඹ පතක මන්ත්‍ර යනුවෙන් වන සටහන්ද ඇතුලත් වන නමුත් මේ දුන් සුර තුල කිසිවක් නැති බවද පසුව හෙලිවිය. ඔහු තමන්ගේ අනුගාමිකයන්ව එතරම්ම සරල ලෙස රවටා ඇත.

මෙහු හා ස්කයිප් තාකෂණයෙන් සම්බන්ධ වූ කිහිප දෙනා පවසන්නේ මොහු ස්කයිප් හරහා සම්බන්ධ වන කාමරයේ විවිධ පුරා වස්තු ගන්නාවක්ම තිබු බවය. අති විශාල පුස්කොල පොත් තොගයක්ද , කඩු කිනිසි පමණක් නොව පුරාණ පිස්තොල තුවක්කු ආදියද විශේෂයෙන්ම මොහු විසින් පෙන්වනු ලබන බවත් ඔවුන් පවසයි. ඔහු නිතරම බොහෝ දෙනෙකු හා , හිටපු ජනාධිපතිවරයා විසින් හොයපු ‘ කඩුව ‘ තිබෙන්නේ තමා සතුව බවත් එය රාවනා රජුගේ කඩුව බවත් ඔහු පවසා එත. එමෙන්ම රාවනා රජුගේ රසදිය ඇන්ජිම සහිත දඩු මොනර යානය ඇත්තේද ඔහු සතුව බව පවසයි. එය දැන්ම එලියට නොගන්නේ බටහිර ජාතීන් තමාව ඝාතනය කර ඒ තාක්ෂණය සොරා ගනීමට ඉඩ තිබෙන බවටත් ප්ර්කාශ කර තිබේ. කෙසේ නමුත් මොහුගේ රාවනා ප්‍රෙමය නිසා ඔහුව මෙරට දී සම්මානයටද පාත්‍ර විය. ඒ ‘දිවයුරු පුත්‍රයා‘ නම් සම්මානයය. ඒ ප්‍රධානය කරනු ලැබුවේ වත්මන් කතානායක කරූ ජයසූරිය හා ඇමැති පාඨලී චම්පික රනවකගේ ප්‍රධානත්වයෙන් වූ උළෙලකදීය. එම සම්මානය මෙරට සිටින් දහම්ගේ අනුගාමිකයකු විසින් ලබා ගෙන තිබේ.

කෙසේ නමුත් මේ කියන එංගලන්ත පුතයා එසේ මෙසේ සූත්තර කාරයකු නොවන බව පැහැදිලිය. ඔහු මෙරට ජනාධිපතිවරාය විකුණා කමින් ජීවත්වන්නෙකි. රත්වත්තේ පවුලේ හා බණ්ඩාරනායක පවුලේ කීර්ති නාමය විකුනා කමින් ජීවත් වන්නකි. මිත්‍යාව වපුරවමින් ජීවිතය ගටගහ ගන්නෙකි. ජාවාරම් කරුවෙකි. බොරු කාරයෙකි. ඇතැම් විට මානසික රෝගියෙකුද විය හැකිය. මේ සියල්ලටම වඩා ඔහු විසින් සිදු කරමින් පවතින විනාශය ගැන බලධාරෙන් සලකා බැලිය යුතුය. මේ රටේ නමද විනාශ කරන ජාත්‍යන්තර තක්කඩියෙකි.


සුභාෂ් ජයවර්ධන

සත්හඬ පුවත්පත ඇසුරෙණි

Last modified on Sunday, 21 February 2016 00:30

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us