කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාට මෙවර නාම යෝජනා නොලැබූ දුමින්ද සිල්වාගේ සහය හිමිවන බව දැන ගැනීමට තිබේ. දුමින්ද සිල්වා මහතාගෙන් හා ඔහුගේ සොහොයුර වන රෙනෝ ද සිල්වා මහතාගෙන් මෙවර විමල් වීරවංශ මහතාට සහය ලබා දෙන මෙන් ඉල්ලා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන ප්‍රබල අපේක්ෂකයකු විසින් බව ද හෙළිවේ. ඒ වෙනුවෙන් මෙවර මැතිවරණ ප්‍රචාරක දැන්වීම ‍රැසක් හිරු නාලිකාවට ලබා දෙන බවටද පොරොන්දු වී ඇත.

ජනපතිගේ ප්‍රකාශයෙන් සන්ධානය කම්පාවට පත්ව ඇති බවත් මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවු බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(15) පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස වැඩ භාරගෙන තිබේ.

මහා පරිමාණයේ දුෂණ, වංචා පිළිබද විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම් සභාවේ සාක්ෂි විභාග කිරීම හෙට (16) සිට ආරම්භ කෙරේ.

මහින්ද රාජපක්ෂ මහතා මේවන විට බරපතල මානසික වියවුලකට ලක්ව සිටින බව වාර්තාවේ. ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මේ තත්වය හට ගෙන තිබේ. මේවන විටත් ඔහුගේ මානසික තත්වය සංසුන් කිරීම සඳහා මනෝවෛද්‍ය උපදේශකයකු ඔහු සමඟ මේ මොහොතේත් සිටින බව දැන ගන්නට තිබේ.

අද රාත‍්‍රී 08.00 කොලඹ පදනම් ආයතනයේ කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාක සභා හමුව පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ.

එම පක්‍ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙම විශේෂ හමුව කැඳවා තිබුනේ ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ගෙන් ලද ඉල්ලීම මතයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ආශිර්වාද ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රංවල දෙවියන්ට පූජාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව බලවත් සේ කළ කිරීමට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ඇමතිවරු හා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (15) ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us