එක්නැළිගොඩ අතුරුදහන් වීම ගැන ලක්ෂ්මන් යාපා දන්නවා - සඳරුවන් සේනාධීර (audio)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමෙන් පසු දින දෙක තුළ ඔහු එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැනුම්වත්ව රඳවා සිටි බවත්, ඒ පිළිබඳ තොරතුරු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන දන්නා බවත් මේ වන විට ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව සිටින ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පවසයි.
කැස්බෑවේ මෝටර් රථය පිළිබද පරීක්ෂණ ප්‍රමාදයි - අජිත් පෙරේරා
ඇතැම් රාජ්‍ය ආයතන වල ක්‍රියාකලාපය නිසා වංචා දූෂණ සිදු කළ පුද්ගලයින් තවමත් නිදැල්ලේ පසුවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අද දින උදැසන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවට පැමිණි රාජපක්ෂ පවුලේ සමීපතමයකු හා ශ්‍රීලනිප ඇමතිවරයකු කළ යෝජනාව සිරිසේන මහතා විසින් ප්රතික්ෂේපකර ඇතැයි වාර්තාවේ.
ඊයේ(11) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පසුගිය පාලන සාමය තුල අධ්‍යාපන අමාත්‍යංශය සඳහා පරිගණක 60000ක් මිලදී ගැනීමේදී සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමට නියමිත බවයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළ කරයි.
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ගේ බලය රැකගැනීම සඳහා ජනවරමට පයින් ගසා හිටපු ජනාධිපතිවරයාගේම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ළමා මෙහෙකාර සේවය පිටු දැකීමේ දිනය අදට යෙදී තිබේ.ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව සහ ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස දරුවන් හිංසාකාරීව කුමන කටයුත්තකට යොදවා ගත්තද ජනතාව ඊට එරෙහිව කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 16 වන දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.