හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් සිය සැමියා වන මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් නම් කිරීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වන නිර්මලා ද අල්විස් මහත්මිය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය භූමිදාන කළ දෙහිවල පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. දෙහිවල කළුබෝවිල පල්ලිය පාරේ අදාළ සුසාන භූමිය පිහිටා ඇති බව පොලිසිය සඳහන් කළේය. 2012 වසරේ මැයි මස නාරාහේන්පිට උද්‍යාන පාරේදී ගිනිගත් මෝටර් රථය තුළ තිබී ඔහුගේ මළ සිරුර හමුවුණි.

ජනවාරි 08 වැනිදායින් පසුව, එතෙක් රට හැර ගොස් සිටි පාතාල කල්ලි නායකයන් 08 දෙනකු යළි මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ‘ග‍්‍රෑන්ඞ්පාස් සිදු වීම’ ඉහත කී පාතාල කල්ලි එකිනෙකා මරා ගන්නා විට සිදු වූ දෙයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත.

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු සඳහා රජයේ බස්රථ භාවිතා කිරීම වෙනුවෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 1925ක මුදලක් මෙතක් නොගෙවා පැහැර හැර ඇති හෙයින් එය අය කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ , සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සේදර සෙනරත් හා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ කමිටු සභාපති අමල් සේනාධිලංකාර මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන බවට ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොණරාගල මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් අපේක්ෂාවෙන් සිටින අතුරලියේ රතන හිමි මැතිවරණයට සතියක් පමණ තිබියදී යළි සන්ධානය හා එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ.

කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක ‍රැළියට භික්ෂූන් වහන්සේ 3000 ගෙන්වා අමුතු සංදර්ශනයක් පැවැත්වීම සඳහා සූදානම් වන බව වාර්තාවේ

මෙරට ඉන්ධන මිළ ඉදිරි මාස තුන තුලදී යළි අඩු කළහැකි වනු ඇතැයි විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.

මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us