ජනාධිපතිවරණය ජය ගත්තත්, ගෝටාව රටින් පි‍ටුවහල් කළ හැකිය ! Featured

Published in පුවත්
Tuesday, 12 November 2019 02:01

ඉදිරි ජනාධිපතිවරණය ජය ගත්තද නොගත්තද ගෝටාබය රාජපක්ෂව රටින් පිටුවහල් කිරීමට සමත් නෛතිකමය පියවරක් ගැනීමේ කටයුතු මේ වන විටත් මෙරට ඉහළම නීතිවේදීන් කණ්ඩායමක් විසින් ආරම්බ කර ඇති බව එජාපයට සම්බන්ධ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දෙයි.


පසුගිය වසරේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පිහි‍ටු වීමට රාජපක්ෂලා ගත් වංචාකාරී පියවර පරාජය කිරීම වෙනුවෙන් අධිකරණය හමුවේ අති විශිෂ්ට නීතිමය තර්කයන් මතුකරමින් එම ව්‍යස්ථා කුමන්ත්‍රණය පරාජය කළ නීති වේදීන් කිහිප දෙනෙකුම මෙවරත් මේ කණ්ඩායම සමඟ වැඩ කරමින් සිටින බවත් පැවසේ.

ගෝටාබය රාජපක්ෂට තමන් අමරිකානු පුරවැසියකු භාවය ඉවත් කර ගත් බවට කිසිදු පිලිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට මෙතෙක් නොහැකි වීම මත ඔහු තව දුරටත් අමරිකානු පුරවැසියකු වන බවත් මෙරට ද්විත්ව පුරවැසි බාවය ලබා ගත් බවට තහවුරු කිරීමට හෝ හැකියාවක් හො නොමැති වීම අධිකරණය හමුවේ ඔප්පු කර ඔහුව මෙරටින් පි‍ටුවහල් කිරීමේ හැකියාව ඇති බව පැවසේ.

ඔහුගේ මෙරට ද්විත්ව පුරවැසි බාවය සම්බන්ධයෙන් පසුගියදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අනුව මෙරට පුරවැසි භාවය නියමාකාරයෙන් තහවුරු කිරීමක් සිදු වූයේ නැත. එවකට සිටි ජනාධිපතිවරයාගේ අත්සන සහිත ලියවිල්ල හැර මෙරට පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට අදාල වෙනත් පිළිගත හැකි ලියවිල්ලක් ඔහු සතුව තිබුණේ නැත.

අභියාචනාධිකරණයේදී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබීම මත එම පුරවැසිභාවය පිලිගැනීම හැර වෙනත් තර්කයක් තීන්දුවෙන් ප්‍රකාශයට පත් වූයෙ නැත. එම නිසා ජනාධිපතිවරයාට , කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර එවැනි අනුමත කිරීමක් සිදු කළ නොහැකි බවට වන නීතිමය තර්කයට ශ්‍රේෂ්ඨාධිකරණයේදි තහවුරුවක් ලබා ගැනිමට හැකි බව පැවසේ.. ඒ අනුව ගොටාබයට මෙරට ද්විත්ව පුරවැසි බාවය හිමි නැති බව ඔප්පුවෙනු ඇත.

ඒ අතරම ඔහු අමරිකාවේ පුරවැසි භාවය අත් නොහළ කෙනෙකු වන නිසා ඒ අනුව ඔහු ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපතිවරයා ලෙස දිවරුම් දීම වලංගු වන්නෙ නැති ලෝක විහිළුවක් බවටද පත් වනු ඇත. ඒ අනුව මෙරට නීතියට වංචා කළ අමරිකානු පුද්ගලයකු වශයෙන් ඔහුව සිරගත කිරීම හෝ රටින් පි‍ටුවහල් කිරීම හෝ සිදු කිරීමේ හැකියාව පවතී. ජනාධිපතිවරණය ජය නොගත්තද එම ඉරණමම අත් වෙනු ඇත.

පසුගිය කාලය පුරාම තමන් මෙරට පුරවැසියකු බවත් ඇමරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයකු ලෙස ඔප්පු කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන රැසක් ඔහු විසින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. මේ අනුව මෙරට නීතියටත් රටේ පුරවැසියාටත් බරපතල වංචාවක් කළ අයකු වන ලෙස මෙරට නිතිය යටතේ සිර දඬුවම් නියම කිරීමට හැකිය. එසේ වූවත් අමරිකානු පුරවැසියකු වන නිසා අමරිකානු රාජ්‍යය මැදිහත් වී ඔහුව එම රාජ්‍යයට පි‍ටුවහල් කර ගැනිමට වුව සිදු විය හැකිය.

 

හමුදා කුමන්ත්‍රණයක් ?

රටේ පිළිගත් නෛතික තත්වයන් යටතේ එසේ සිදු කළ හැකි වූවත් ගොටාබය රාජපක්ෂට රටේ නීතිය බල්ලට දමා කුමන්ත්‍රණකාරී ලෙස බලහත් කාරයෙන් රාජ්‍ය බලය පැහැරගැනීමේ හැකියාව නම් තිබිය හැකිය. යම් හෙයකින් හමුදාමය මැදිහත් වීමක් හරහා එල්ල කරන ප්‍රහාරයක් මඟින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණ දැනටමත් සැලසුම් කර ඇති බවට සැක උපද විය හැක. ගෝටබයට අතිශය හිතවත් හමුදා නිලධාරීන් ගනනාවක් මේ වන විට හමුදාවේ ඉහලම තනතුරු හොබවමින් සිටී. 2010 වසරේදීද 2015 වසරේදීද හමුදාමය මැදිහත් වීම් මඟින් රාජ්‍ය බලට රඳවා ගැනීමේ කුමන්ත්‍රණ ගොටාබය විසින් සැලසුම් කර තිබිණි. 2015 දී එය පරාජයට පත් කිරීමට මැතිවරණ කොමසාරිස් වරයාට හැකියාව ලැබිණි. එසේ නොවන්නට ජනවරි 8 වෙනිදා රාත්‍රියේදීම ජනධිපතිවරණ ප්‍රතිපලය නිකුත් නොකර බලය පවත්වාගෙන යෑම සිදු වීමට ඉඩ තිබිණි.

එතරම්ම බලයට කෑදර ඒ වෙනුවෙන් ඕනෑම අපරාධයක් කිරීමට සූදානම් ගොටාබය මෙවරත් ඒ මළ පෙරේත කමෙන්ම කටයුතු නොකරනු ඇතැයි කල්පනා කළ හැකිය. මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රගතිශිලී බලවේග අවධියෙන් සිටිය යුතුය.. අනතුරක අවධානම පැහැදිලිවම රට හමුවේ තිබේ.

Last modified on Tuesday, 12 November 2019 02:03

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us