සජිත්ගේ ජයග්‍රහණය හිතුවාට වඩා දැවැන්ත වෙන ලකුණු Featured

Published in පුවත්
Tuesday, 12 November 2019 19:19

පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

ගෝටාව තවත් උස්සන් බෑ. කැම්පේන් මැනේජර්ලා කියති.

පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා වෙනුවෙන් කර තිබූ සමීක්ෂණ අනුවත් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබිණි. මේ නිසා මේ දින දෙක තුලදී වැඩි බරක් යෝදා ජන රැලි සඳහා අති විශාල සෙනගක් පෙන්වීමට තීන්දු කර තිබේ. ඒ අනුව රැස්වීමක් පැවැත්වෙන ස්ථානයට තදාසන්න කිලෝමීටර් 50 ඇතුලත ප්‍රදේශ වලින් මුදල් ගෙවා සෙනඟ ගෙන්වා ගැනීම සිදු කෙරෙමින් තිබේ. එසෙම සමාජ මාධ්‍ය තුල වන පසු බැසීමද ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වී තිබුණු අතර ඒ වෙනුවෙන් ද විශාල මුදලක් ආයොජනය කර එම ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටද තීන්දු කර තිබේ. මේ අනුව ඊයේ පෙරේදා සිට ප්‍රතිවාදී අපේක්ෂකයාට වාසි සහගත ලෙස කටයුතු කරන වෙබ් අඩවි සහ සමාජ ජාල පි‍ටු හිමිකරුවන් හමුවී මිලියන් ගනනින් මුදල් ලබා දීමද සිදු කර තිබේ. කෙසේ නමුත් ගොටබයගේ පසු බෑම වලක්වා ගැනීම අසීරු බව එම පක්ෂයේ ප්‍රචාරක අංශ වලද මතය වී ඇති බව දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාසගේ මහජන රැලි සඳහා මීට දින 5 කට පමණ පෙර සිට අති විශාල ලෙස ජනතා සහභාගිත්වයක් වාර්තා වී ඇත. බලාපොරොත්තු නොවුනු තරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් තිබීම ඔහු ලබා ගන්න ජයග්‍රහණය සමීක්ෂණ වර්තා අභිබවා යන්නක් විය හැකි බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඉතිහාසගත වාර්ථාවක්

මේ රටේ පැවැති කිසිදු ජනාධිපතිවරණයක මෙතරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් වාර්තා වී නැති බව එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ මැතිවරණ කොට්ඨාෂ මට්ටමින්ම මහ ජන රැලි මිට පෙර කිසිදු අපේක්ෂකයකු සිදු කර නොමැති බවද අවධාරණය කරමිනි.. සජිත්ගේ මහ ජන රැලි 151 පළමු මොහොතේම සූදානම් කළ අතර එක් රැලියක් හැර අන් සියල්ලටම ඔහු සභභාගී විය, කුරුණෑගල පැවැති රැලියට සහභාගී වීමට ඔහුට නොහැකි වූයේ ඔහු රැගත් හෙලිකොප්ටර් යානය ගොඩ බෑමට අවහිරවන සේ විදුලු බලය අත්හි‍ටුවා සිදු කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙනි.

බැහැයි කිව් තැන්වලත් පුළුවන් වෙයි

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ට අවාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කළ මැතිවරණ කොට්ඨාශවල පවා විශාල ජන සහභාගිත්වයක් දකින්නට ලැබිණි. විශේෂයෙන්ම දකුණු පළාත තුල විශේෂ ප්‍රබෝධයක් ඇති වී තිබීම පෙනෙන්නට තිබිණි. එසේම රාජපක්ෂවරුන්ට වඩත් වාසිදායක යැයි සලකෙන කුරුනෑගල දිස්ත්‍රිකය තුල පවා සජිත් ප්‍රේමදාසට බලාපොරොත්තු වූවාට වඩ ජන ප්‍රසාදයක් තිබෙන බව එම දිස්ත්‍රික්කය තුල පැවැති ජන රැලි වලින් පෙන්නෙට තිබේ. සජිත්ගේ ජයග්‍රහණය සඳහා සුළු ජන කොටස් වලින් සියයට 80 කට වැඩි සහයක් ලැබෙනු ඇති බව තහවුරුව තිබෙන අතර ජයග්‍රහණය සඳහා සිංහල ජන කොටස් වලින් සියයට 35ක ට වැඩි ප්‍රතිශතයක් ප්‍රමාණවත් වනු ඇති බවත් උපකල්පනය කෙරුණි. මේ වන විට සජිත් එම ඉලක්කය ඉක්මවා ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

50% ඉලක්කය පසුකරයි

මේ අනුව මෙවර ජනධිපතිවරනයේදි කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යෑමේ හැකියාවක් නොමැති බවට වන උපකල්පන වැරදි බව සටහන් කරමින් සජිත් ප්‍රෙමදාස ජයග්‍රහණය ලබනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතය වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us