එදිනම ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඊට වැඩ පිළිවෙලක් යොදන බවය. (එම වීඩියෝව මෙතැනින් 3 වන විනාඩියේ සිට බලන්න) නමුත් ආරක්ෂක ලේකම්වරයා එසේ සිංහ නාදයෙන් කතාකර ගියද පොලීසිය සහ ආරක්ෂක අංශ පෙනෙන තෙක් මානයේ සිටියදී වන්නි දිස්ත්‍රික්කය පුරා මේ වනවිට වඩා වේගවත්ව වඩා විනාශකාරී ලෙස වනාන්තර ගිණි තබා විනාශ කිරීම සිදුවෙමින් පවතී. රජයේ සියළුම බලධාරීන් මේ සම්බන්ධයෙන් නිහඩය.
මේ වනාන්තර විනාශ කරන්නන් මේවා කරන්නේ විනෝදෙට නොවේ. ආණ්ඩුවේම අනුග්‍රහය සහිතව කෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් බව පැහැදිලිය. බලධාරින්ගේ නිහඩ වෘතය ඒ නිසාය.
වවුනියාව මාමඩුව වනාන්තරයට තෙවන වරටත් ගිණි තබා වනසයි.. - රවීන්ද්‍ර කාරියවසම්
වවුනියාව මාමඩුව කන්ද රජයේ කැළෑ ඉඩම් තෙවන වරටත් 2020.10 16 හා 17 යන දෙදින තුල ගිණි තබා විනාශ කර ඇත. වනාන්තරයට ගිණිතැබීම සම්බන්ධව මාධ්‍යය විසින් කරන ලද අනාවරණයත් සමග වවුනියාව පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක් 2020.10. 16 වන දින සිදුකළ අතර එදින සවසම මාමුඩුව වනාන්තරයේ තවත් අක්කර හයකට පමණ ගිනි තබා විනාශ කර ඇත.
මෙි අනුව පසුගිය සති දෙකක කාලය තුල මාමාඩුව වනානතරයේ විනාශ වුන වනාන්ත අක්කර ප්‍රමාණය එකසිය අටක් ඉක්මවනු ලබයි. ප්‍රදේශයේ බඩ ඉරිගු ඇතුලු වානිජ බොග වගාකිරීමට මෙන්ම ගල්කොරි සදහා ලබාදීමට මෙම අක්කර ගණනාවක කැලෑ ප්‍රදේශය ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසින් සැක පල කරන අතර රජයේ වුවමනාව මත මෙය සිදු වන බව ඉතා පැහැදිලිය.
ඉතාමත් රමණිය කන්දක් සේ තිබු මෙම රජයේ කැලෑ ඉඩම හා පුරා විද්‍යා ස්ථානය වවුනියාවේ සිට මඩුකන්ද බලා යන මාර්ගයේදි ඉතා හොදින් දැකගැනීමට හැකිය . යුද්ධය පැවති සමයේ පවා ඉතා හොදින් ආරක්ෂා වී තිබු මාමඩුව කන්ද ප්‍රදේශයේ වනාන්තර, යුද්ධය අවසන් වී වසර ගණනක් යන්නට මත්තෙන් වනාන්තර ඉවත් කර ගල් කොරි පවත්වා ගෙන යාමට අවසර ලබා දි තිබිණි .එයින්ද නොනැවති අද වන විට මෙම වනානාන්තර ප්‍රදේශය කිසියමි පිරිසක් විසින් ගිණි තබා විනාශ කර තිබේ. ඒ බඩ ඉරිගු ඇතුළු වාණිජ බෝග වගාවක් වෙනුවෙන් බව ප්‍රදේශවාසීන් සැක මතුකරයි.. කෙසේ වෙතත් එම විනාශයට සම්බන්ධ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට කිසිිදු ආයතනයක් හෝ බලධාරියෙක් මේ වන තෙක්ම කටයුතු කරනොමැත.
මෙලෙස විනාශ කර ඇති කැලෑ ප්‍රදේශය හයවන සියවසයේ ඉදිකළ මාමාඩුව පුරාණ වැවෙි ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයයි. එළාර රජසමයේ , දුටුගැමුණු රජසමය, අග්බෝ රජසමය ආදි පුරාණ රාජ්‍ය යුගයන්ට අයත් නටබුන් බහුතරයක් මාමාඩුව කන්ද ආශ්‍රිතව හා මාමාඩුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ හමුවන අතර එම නිසාම මෙම ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමින්ද යුක්ත ආරක්ෂා කළයුතු ප්‍රදේශයකි.
මහකචිචක්කුඩිය, ඇටබගස් වැව අග්බොපුර ,විමගල්ල ආදී ගම්මාන ඇතුලු ප්‍රදේශයේ ගම්මානවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ලෙස ක්‍රියාත්මක වන්නේ මාමාඩුව කන්ද මහ කැලෑ ප්‍රදේශයයි. ඉතාමත් අඩු වර්ෂාපතනයක් හිමි වවුනියාව දිස්ත්‍රික්කයේ මෙම ගම්මාන වල වැසියන් සිය ගොවිතැන් බත් පෝෂණය කරගනු ලබන්නේ වැස්සෙන් හා මාමඩුව කන්දේ ජල ගබඩාවෙන් ලබාදෙන ජලයෙනි. එමෙන්ම ඉහත පෙන්වා දුන් ප්‍රදේශවල ජනතාව තවමත් තම ගොවිතැන් සඳහා උපකාර කරන ගවයින්ගේ ආහාර අවශ්‍යතාව ඉටුකිරිම සදහාත් අත් වෙදකමට අවශ්‍ය බෙහෙත් ඖෂධ ලබාගැනිම සදහාත් මෙ වනාන්තර ප්‍රදේශය, යුද්ධය ආරම්භ විමට ප්‍රථමවත් , යුද්ධයෙන් පසුවත් භාවිතා කරන ලදි..
හුදකලා කන්දක් ලෙස පවතින මාමාඩුව කන්ද ප්‍රදේශය ගල් කොරි ගණනාවක ලබාදීමට මීට පෙර ගන්නා ලද උත්සහය මාමාඩුව ප්‍රදේශයේ හා අවට ගම්මාන වල ජනතාවගේ සහභාගීත්වයෙන් නවතා ගන්නා ලදි. මින් මසයකට පමණ පෙර මාමඩුව කැලයට කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කිරීමට උත්සහ දැරුවද එයද ජනතා මැදිහත්වීමෙන් නිවා දැමු අතර පසුගිය දිනක රාත්‍රි කාලයේදී මෙි වනාන්තරයට ගිණිතබා විනාශ කර ඇති අයුරු දක්නට ලැබේ මෙම ගින්න නිසා මාමඩුවකන්ද ප්‍රදේශයේ අක්කර 98 ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇත. තැනින් තැන පලු , වීර, කෝන් , කැටකෑල වැනි විශාල ගස් සහිත භුමීයක් ලෙසත් පතන භූමියක් ලෙසත් මෙම ප්‍රදේශ පුරා ශාක පද්ධතිය විසිරි ඇති අතර අලි ඇතුන් ගමන් කරන අලි මංකඩක් ලෙසද මෙය හැදින්විය හැකිය. වියලි කලාපීය පාරිසරික පද්ධතියට හුරුකම් කියන මෙම ප්‍රදේශය තුල සංචාරක හා දේශිය පක්ෂි විශේෂ 94 පමණ දැනට හමු වී ඇති අතර ක්ෂරපායි විවිධත්වය අතින්ද මාමඩුවකන්ද සහ මඩුකන්ද ප්‍රදේශය ඉතාමත් ඉහල අගයක් ගනි.
මෙම ප්‍රදේශය පුරා විහිදි ඇති රතු සහ කහ වර්ණ මිශ්‍ර ලැටරොයිට් පස නිසා ජලයේ ආමිලිකතාවය වැඩි වූවත් ශාක පද්ධතිය හා එහි මූල පද්ධතියේ පෙරණ ක්‍රියාවලිය නිසා ජලය ඉතාමත් පිරිපහදු වී ඇත. ප්‍රදේශයේ වාණිජ බොග වගාවන් ව්‍යාප්ත කිරීම සදහා මෙවන් ඉතාමත් අත්‍යවශ්‍ය හා වටිනා පරිසර පද්ධතියක් අද වනවිට විනාශ කරමින් ඇති අතර මෙම ලිපිය ලියන මෙහොත වන විටත් වනාන්තරය තුල තැනින් තැන දුම් නගිමින් ඇත.
ආරක්ෂක හමුදා කදවුරු හා පොලිසිය මෙම ප්‍රදේශයට ඉතාමත් ආසන්නව පිහිටා තිබුණත් මෙම ගිණි තැබීම ට අදාල කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වී නොමැති අතර ප්‍රදේශවාසින් එකතු වී ගින්න පැතිරීම හැකි අයුරින් පාලනය කර නිවා දමා ඇත. මෙලෙස ආරක්ෂා විය යුතු රජයේ අවශේෂ වනාන්තර වාණිජ බොග වගාවන් සදහා හෝ වෙනත් හේතුවක් සදහා හෝ ලබාගන්නේ නම් එය කළයුතු ආකාරය මෙය නොවන බව වගකිවයුතු පාර්ශ්වයන්ට අප අවධානය යොමු කරමින් කියා සිටිමු.
යුද්ධයෙන් ආරක්ෂා වී තිබු උතුරු මැද හා උතුරු පාළාත්වල විශාල වනාන්තර ප්‍රමාණයක් අද වන විට මෙලෙසම විනාශ කරමින් ඇති අතර ඒවා සදහා රජයේ සම්බන්ධයක් නොමැතිනම් රාත්‍රි කාලයට පැමිණ කැළෑ කපා ගිණි තබා විනාශ කරන්නන් අල්ලා ගත යුතුය.. රජය ජනතාවට හොරෙන් මෙවැනි විනාශයක් කරන්නේ නම් මේ වැලැක්වීමට ජනතාව හැකි ඉක්මණින් තීරණයන් ගත යුතුයි