දිලිත් - නිශ්ශංක නැව් වලියක් ! Featured

Published in පුවත්
Saturday, 17 October 2020 11:29

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්වයන් හමුවේ වුව පසුගිය කාලයෙහි එම ව්‍යාපාරයෙහි යෙදී සිටි දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති අතර පැවැති සීතල යුද්ධය කරළියට පැමිණ තිබෙන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.

මේ ව්‍යාපාරිකයන් දෙදෙනාම වත්මන් අණ්ඩුව බලයට පත්කර ගැනීම වෙනුවෙන් දරදිය අදිමින් දැඩි වෙහෙසක් දැරූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයන් ද වේ.

පසුගියදා දිලිත් ජයවීරගේ අරුණ පුවත් පත මඟින් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ට්ගාර්ඩ් සමාගම, මුහුදු මාර්ගයෙන් විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සැලසුම් කර තිබු වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පුවතක් (මඩක්) පළ කිරීම නිසා මේ අය අතර පැවැති ව්‍යාපාරික හටන කරළියට පැමිණීමට ආසන්න හේතුවක්ව තිබේ.

අරුණ පුවත් පතෙහි පළ වූ පිළිගත හැකි මූලාශ්‍ර කිසිවක් නොමැති පුවතට තවත් අඩුම කුඩුම එකතු කර වෙබ් අඩවි කිහිපයක් මගින් එම තොරතුරු බෙදාහැර තිබිණි. ඇතැම් වෙබ් අඩවියක් දිලිත් ජයවීරගේ සමීපතම ව්‍යාපාරිකයකුට අයත් ඒවා වීමද, මෙම පුවත් පැලකිරීම සැලසුම් සහගත කටයුත්තක් බවට සැක සිතිය හැක.

avant image 1

මේ අතර එම පුවතට ඇවැන්ට්ගර්ඩ් සමාගම විසින් පැහැදිලි කිරීමක් කර ඒ වෙනුවෙන් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක්ද ලබා දී තිබුණේ දිලිත් ජයවීරගේ නම නොකියා වූවද සැර කණේ පහරක් එල්ල කරමින් බවද පෙන්නෙට තිබේ. අප වෙතද යොමු කර තිබූ එම පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.

 

අරුණ - පුවත

මැදපෙරදිග ලාංකිකයන් නැවක නිරෝධායනය කර
අපට භාර දෙන යෝජනාව විසිවෙයි
මසකට කෝටි 38ක් ඉල්ලලා

•තිස්ස රවීන්ද්‍ර පෙරේරා

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් දෙදහසක් රෝහල් පහසුකම් සහිත නැවකින් මෙරටට ගෙන විත් නිරෝධායනය කර භාරදීමට පෞද්ගලික සමාගමක් කළ යෝජනාවක් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රතික්ෂේප කර ඇත.

avant image 3

‘ඔපරේෂන් හෝම් කමින්’ නමින් වූ රෝහල් පහසුකම් ඇති නැවක් මගින් හම්බන්තොට වරායට මෙම පිරිස රැගෙන එන බවත් ව්‍යාපෘතිය වෙනුවෙන් මසකට රුපියල් කෝටි 38ක් (ඇමරිකානු ඩොලර් මිලියන දෙකක්) රජයෙන් ගෙවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 02 වැනිදා යොමුකළ යෝජනාවේ සඳහන්ය.

මෙම ලිපිය ජනාධිපතිවරයා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇත. දෙදහසක පිරිසක් ගුවන් මගින් රැගෙන ඒමට වැයවන්නේ රුපියල් කෝටි දහඅටක පමණ මුදලක් බවත් රජයට රුපියල් කෝටි දහඅටක් වැඩිපුර ගෙවීමට මෙමගින් සිදුවන බවත්පෙන්වා දෙමින් ​කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායේ නැව නතර කර තැබෙන කාලය කොවිඩ් ආසාදිතයන් නැවේ වූ වෙනමම කාමරවල ප්‍රතිකාරවලට යොමු කිරීමට යෝජනා වී තිබිණි.

 

ඇවන්ට්ගාර්ඩ් ලිපිය

ඇවන්ට්ගාර්ඩ් නැවට මොකද වුණේ?

ඇවන්ට්ගාර්ඩ් සමාගම විසින් විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මානුෂිය වැඩපිළිවෙලට එරෙහිව කිසිදු පදනමක් නැති බොරු බේගල් තොගයක් මුදා හරිමින්, මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරමින් තිබේ.

පසුගිය දින කිහිපයේ පුවත්පතක් සහ වෙබ් අඩවි කිහිපයක් විසින් ඇවන්ට්ගාර්ඩ් සමාගම විසින් දියත් කිරීමට බලාපොරොත්තුවූ විදේශ ශ්‍රමිකයන් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්, මුළුමනින්ම සාවද්‍ය තොරතුරු සහිත පුවත් පළ කර තිබිණි. මේ සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් ආයතනය විසින් සිදුකරණ පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

පුවත්පත් හා වෙබ් අඩවි වල පලවී ඇති මෙම ව්‍යාජ තොරතුරු අනුව, ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව රජයට යොමු කර ඇතැයි කියන ලිපියක මෙම මෙහෙයුම සඳහා අමරිකානු ඩොලර් මිලියන 2ක් ( රුපියල් මිලියන 380ක් ) වැය වන බවත් එම මුදල රජයෙන් ඉල්ලා ඇති බවත් සඳහන්ය. එසේම ගුවනින් මඟින් ගෙන්වා ගැනීමට වැය වන්නේ රුපියල් මිලියන 180 ක් පමණක් බවත් එම නිසා, මෙම යෝජනාව ' කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විතය' ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන් වේ. මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා රජයට රු මිලියන 200 ක් ඉතුරු කරගැනීමට හැකි වූ බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ තොරතුරු සම්පූර්ණයෙන්ම බොරුවක් බව අප වගකීමෙන් යුතුව කියා සිටිමු.

අප පසුගිය සැප්තැම්බර් 02 වන දින රජය වෙත යොමු කළ ලිපියෙහි ,මේ මොහොතේ විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය දරණ උත්හායට සහය පිණිසත් සහ ආර්ථික අපහසුතාවය නිසා මෙරටට පැමිණීමට නොහැකිව අසරණව සිටින විදේශ ශ්‍රමිකයන්ව ගෙන්වා ගැනීමේ පහසු ලාබ ක්‍රියාන්විතයක් ලෙස මෙම නාවික මෙහෙයුම හඳුන්වා දුන්නෙමු.

මෙම ලිපියෙහි මෙම වෙබ් අඩවිවල සඳහන් ගනන් හිලව් ගැන කිසිදු සටහනක් නැත. අප එදිනම (සැප්. 02) අපගේ ෆේස්බුක් පිටුව වන 'save avant garde හී මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කරමින් මේ ගැන වැඩිමනත් තොරතුරු රටට හෙළි කළෙමු..( එම ලිපිය අපගේ පිටුවෙහි ඇත -https://www.facebook.com/SaveAvantGarde/photos/a.1164947026867277/3758767184151902/) එහි සඳහන්ව ඇත්තේ මැදපෙරදිග සිටින විදේශ ශ්‍රමිකයන් 10,000 ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ඒ අතරින් ආර්ථික අපහසුතා ඇති අය 2000 ක් නොමිලයේ ගෙන්වා ගැනීමටත් අප කටයුතු කරන බවය. ඒ අනුව අප අපගේ මෙහෙයුම යතාර්ථයක් කරගැනීම සදහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් සිටියෙමු.

avant image 2

එසේම බොරු පුවත් මවන වෙබ් අඩවිවල සඳහන් කරන ඩොලර් මිලියන 2 ක කතාව ගැන ඇත්ත කතාව නම් මේ ඩොලර් මිලියන 2 ක වියදමක් අප දරණ බවට සඳහන් කළේ 10,000 ක් පමණ වන විදේශ ශ්‍රමිකයන් සියලු දෙනාම මෙරටට රැගෙන ඒමේ සමස්ත වියදම ලෙසය. එසේ නොමැතිව වෙබ් අඩවිවල සඳහන් කරන ලෙස 2000 ක් පමණක් නොවේ. අප 2000ක් ගෙන එන්නේ නොමිළයේය.

අප මෙම ව්‍යාපෘතිය යෝජනා කළේ කාටත් පහසු ලෙස වියදම් අඩුවෙන් මෙම කටයුත්ත සිදුකිරීම වෙනුවෙනි.

(උපුටාගැනීම - රජයට යොමුකළ ලිපියෙනි)
All passengers of the passenger ship will be charged per diem rate covering passage and stay on board and PCR test. the rate will be significantly less than the airfare and paid quarantine. (X 1)

Expenses related to the hospital ship will have to be borne by the GOSL as a social welfare measure. but contributions may be sought from leading private sector companies as a humanitarian contribution to meet the expenses. Avant Gard would contribute considering it as a national requirement. The cost is not likely to be more than USD 2 million per month. (X 2)

' save avant gard' ෆේස්බුක් පිටුවෙහි 2020 සැප් 02 වන දින මේ සම්බන්ධයෙන් පළ කළ ලිපියට අනුව මැදපෙරදිග සිටින විදේශ ශ්‍රමිකයන් 10,000 ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ඒ අතරින් ආර්ථික අපහසුතා ඇති අය 2000 ක් නොමිලයේ ගෙන්වා ගැනීමටත් අප කටයුතු කරන බව සදහන් කර තිබේ. ඒ අනුව නොමීළේ රැගෙන එන ශ්‍රමිකයන් 2000 දෙනා අත්හැර, ඉතිරි 8000ක් දෙනාට එක් අයකු වෙනුවෙන් වැය වන්නේ රු 47,500 කි. (ඩොලර් මිලියන 02 Xඩොලරයක අගය රුපියල් 190 = රු මිලියන 380 කි. මුදල් ගෙවා රැගෙන එන මඟීන් ප්‍රමාණය 8000 කි. රු මිලියන 380 ක මුළු මුදල, මඟීන් ප්‍රමාණය වන 8000 න් බෙදු විට එක් මඟියකු විසින් ගෙවිය යුතු මුදල රු 47,500 කි.) ඒ PCR පරීක්ෂණ, නෞකාව තුල ආහාරපාන සියල්ල සමඟ දින 14 කාලය නිරෝධායනය වෙනුවෙනි. මෙය ගුවනින් මඟියකු රැගෙන එමට වැයවෙන මුදලින් හතරෙන් එකකටත් අඩු මුදලකි. (x 1)

10,000 පිරිසක් ගුවන් මගින් ඩුබායි සිට ශ්‍රී ලංකා වෙත රැගෙන ඒම සඳහා වැය වලන මුදල රුපියල් මිලියන 180 බව මෙම වෙබ් අඩවිවල ද්වේශ සහගත ලෙස සඳහන්කර ඇති නමුදු පහත ගණනය කිරීම් මගින් එම අගය සාවද්‍ය බව මනාවට තහවුරු වේ.

ඩුබායි සිට ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් ටිකට් පතකට අය කරන මිල රුපියල් 50,000 ලෙස සැලකුවහොත්,
මගින් 10,000ක් ගුවන් මගින් රැගෙන ඒමට ටිකට්පත් සඳහා පමණක් රුපියල් මිලියන 500ක් වැයවේ. (මගීන් ප්‍රමාණය 10,000 X ගුවන් ටිකට් පතක මිළ 50,000 = ටිකට්පත් සදහා වැය වන මුලු මුදල රු 500,000,000)
10,000 ක පිරිසක් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා රුපියල් මිලියන 1050 ක පමණ මුදලක් වැයවේ. ( දිනකට එක් පුද්ගලයකු සදහා හෝටල් ගාස්තුව රු 7,500 X මගීන් ප්‍රමාණය 10,000 X දින 14 = රුපියල් මිලියන1050)
PCR පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 150ක් යැව්වේ.(PCR පරීක්ෂණ 2ක් සදහා වැයවන මුදල රු 15,000 X පුද්ගලයින් ප්‍රමාණය 10,000 = රු 150,000,000)
10,000 පිරිසක් ගුවන් මගින් මෙරටට රැගෙනවිත් දින 14ක් නිරෝධායන කිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 1700ක මුදලක් (500 + 1050 + 150) වේ.

ඒ අනුව මෙම වෙබ් ලියුම්කරුවන් විසින් දහදාහක පිරිසක් රුපියල් මිලියන 180 කින් මෙරට රැගෙනවිත් නිරෝධායනය කළ හැකි බව පවසා ඇත්තේ ජනතාව නොමඟ යැවීමේ අරමුණින් බව පැහැදිලි වේ.

ඇවනට්ගාර්ඩ් ආයතනයේ වියදමින් මඟීන් රැගෙන එන ප්‍රධාන නෞකාවට අමතරව යම් මඟියෙකු කොරෝනා ආසාදිත රෝගීයකු බවට හඳුනාගතහොත් ඔවුන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස රෝහල් පහසුකම් සහිත තවත් කුඩා නෞකාවක් වෙනුවෙන් රජයේ දායකත්වය බලාපොරොත්තු විය. ( උපුටා ගැනීම- Expenses related to the hospital ship will have to be borne by the GOSL as a social welfare measure.) එය රජයේ වගකීමක් වූවද ඒ සඳහා වැයවන ඩොලර් ලක්ෂ 03 ක පමණ වන මුදලද අප ආයතනය මඟින් දැරීමට අප කැමැත්ත පළ කළෙමු. (උපුටා ගැනීම-but contributions may be sought from leading private sector companies as a humanitarian contribution to meet the expenses. Avant Gard would contribute considering it as a national requirement.) මේ මෙහෙයුම වෙනුවෙන් රජයෙන් කිසිදු මුදලක් අප ඉල්ලා නැති බව අවධාරණයෙන් පවසා සිටිමු. (x 2)

මෙහිදී අප යෝජනා කළ පරිදි නෞකාව තුලම දින 14 ක නිරෝධායන කාලය ගතකිරීමට පහසුකම් සැලසීම නිසා මෙරටදී හෝටල් පහසුකම් වෙනුවෙන් කිසිදු මුදලක් අතිරේකව වැය කිරීමට කිසිවකුට සිදුවන්නේ නැත. රජයට මැදිහත් වීමට සිදුවන්නේ යම් අයකු PCR පරීක්ෂණ මඟින් වෛරස් අසාධිතයකු බව හඳුනා ගැනීමෙන් පසුව අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පමණි.

වත්මන් යුදහමුදාපති, කොවිඩි මර්දන කාර්ය සාදක බලකා ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව, 2020,සැප්. 02 වන දින මෙම ව්‍යාපෘතිය ගැන දැනුවත් කළ විට මෙය විශිෂ්ට ව්‍යාපෘතියක් බවට අප වෙත පණිවිඩයක් එවමින් ප්‍රතිචාර දැක්විය. කරුණු එසේ නම් මෙම ලියුම්කරුවන්ට අනුව ඔහුගේ සභාපතිත්වය යටතේ වන කොවිඩි මර්දන කාර්ය සාදක බලකාය විසින් මෙම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළ බව පැවැසීම කුතුහලය දනවන්නකි.

පට්ටපල් බොරු සමාජගත කරමින් මේ වෙබ් අඩවිකරුවන් සිදුකරමින් සිටින්නේ මේ මෙහෙයුම කෙසේ හෝ නතර කිරීමට බව පැහැදිලිය. ඊට හේතුවක් තිබේ.

අපගේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් අවාසියක් සිදුවෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් සිටී. ගුවන් ටිකට්පත් වලින් නිරෝධායන හෝටල් පහසුකම් වලින් විදේශ ශ්‍රමිකයන් ගසාකමින් සිටින මෙම පිරිසට, අපගේ මෙහෙයුම නතර කරගැනීමට අවශ්‍ය වී තිබේ. මෙම ව්‍යජ තොරතුරු මුලින්ම සමාජගත කර තිබුණේ මාධ්‍ය හිමිකරුවකු සහ විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමේ ව්‍යාපාරයට සම්බන්ධ හෝටල් හිමියකුට අයත් පුවත් පතකිනි. ඒ අනුව මෙම බොරු පුවත් මැවීමෙහි පදනම පැහැදිලිය. ඒ වෙනුවෙන් මෙම ජඩ වෙබ් අඩවිකරුවන්ව මුදලට ලබාගැනීමට ඔවුන් කටයුතු කරඇති බවත් පැහැදිලිය. මේ සම්බන්ධයෙන් අපට තහවුරු වූ සාක්ෂිද ලැබි තිබේ.

මේ අනුව මේ බොරු පුවත් සමාජ ගතකරමින්, රටේ ජනතාව නොමඟ යවමින් සහ විදේශ ශ්‍රමිකයන්ට මෙරටට අඩු මුදලකින් පැමිණීමට තිබූ අවස්ථාව අහිමි කිරීමටත් මේ පිරිස් කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් අප, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප සතුව තිබෙන සියලු තොරතුරු ඉදිරිපත් කරමින් පැමිණිලි කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

මෙම බොරු පුවත් මවන්නන් නිසා හම් හෙයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැලැක්වුණහොත් රු 47,500ක් වැනි ඉතා අඩු මුදලක් වැය කර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙරටට පැමිණෙන්න තිබු අවස්ථාව ඇහිරීයනු ඇත. ඊට වගකිවයුතු වන්නේ මේ දුෂිත ජාවාරම්කාර පුද්ගලයන්ම බව අවධාරණය කළ යුතුය.

මෙම යෝජිත ව්‍යාපෘතියට අමතරව ඩුබායි රාජ්‍යයේ සිට 100 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රි ලංකාවට ගෙන්වා, තරු පන්තියේ හෝටලයක් වන මීගමුවේ කැටමරාන් හෝටලයේ දී දින 14ක කාලයක් සම්පූර්ණයෙන්ම ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ වියදමින් නිරෝධායනය සිදුකරන ලදී.

මීට අමතරව ඇමරිකාවේ සිට පැමිණ මුදල් ගෙවා නිරෝධායනයවීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති 25 දෙනෙකු සඳහා මාරවිල The Club Palm Bay හෝටලයේ දින 14ක නිරෝධායනය සම්පූර්ණයෙන්ම ඇවන්ගාඩ් ආයතනයේ වියදමින් ලබා දෙන ලදී.

මීට අමතරව මගීන් 150 දෙනෙකු සඳහා නොමිලේ ගුවන් පත් ලබාදෙමින් මගීන් 290 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙරටට ගෙන්වා ඇවන්ගාඩ් ආයතනයේ වියදමින් සම්පූර්ණයෙන්ම නිරෝධායනය කිරීමට සැලසුම් කර තිබූ අතර, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ පුවත් මවන්නන් හේතුවෙන් එම වැඩපිළිවෙළ ද නවතා දැමීමට සිදුවිය.

ජනාධිපතිවරයාට ඇවන්ට්ගාර්ඩ් සමාගමෙන් යොමුකළ ලිපිය

avant image 4

Last modified on Saturday, 17 October 2020 11:34

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us