බැසිල් ඔයා නම් එළකිරි කොල්ලෙක්. කණේ පාර මල් හතයි.! Featured

Published in පුවත්
Wednesday, 21 October 2020 23:25

අද (21) කණ පැලෙන්න ගුටි කෑවේ සිංහල බෞද්ධ ජාතිවාදයයි. ඒ ඉතා හොඳ ප්‍රවණතාවයකි. ජාතිවාදයේ විසකුරු සර්පයන් විසින්ම ගොඩ නැගූ මජර බලවේගය මේ සර්පයන්ට එරෙහිව ක්‍රියාත්මකවීම අතිශයින්ම හොඳ දෙයකි.

දැන්වත් මේ කාලකණ්නි ජාතිකවාදීන් මෙල්ල නොවුණහොත් ඉදිරියේදී කන්න වෙනනේ මදුෂ් කාපු කෑමමය. ඒ කියන්නෙ මදුෂ්ට වෙච්ච දේම මේ ජාතිකවාදී චින්තනයටත් අත්වන බවය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ 19 අහෝසි කරනන්වත්, එහි ඇති දුර්වලතා අහෝසි කරවන්නවත්, මේ රට හෝ ජනතාව හෝ හැදීමටවත් නොවන බව අතිශයින්ම පැහැදිලි කරුණකි. මේ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යය තහවුරු කරන රාජාණ්ඩු පන්නයේ පාලනයක් ස්ථාපිත කිරීමට ගන්නා සුළු උත්සාහයකි. වීරවංශලාගේ ජාතිකවාදී ව්‍යාපාරය මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් කරන්න හෝ ඒ ලේබලය යටතේ මොනවා හෝ කරන්න අවංකව සිතුවත් දැන් ඒ කිසිසේත්ම සිදු නොවන බව ඉඳුරාම පැහැදිලි තත්වයකි. රාජපක්ෂලාට එහෙම ඔළුවේ අමාරු නැත. සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානවලට මුදල් පොම්පකරමින් පෝෂණය කළා සේ සහරාන්ලාගේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයටත් මුදල් පොම්පකර පෝෂණ කළේ මොකටදැයි මේ මෝඩ ජාතිකවාදීන්ට තවමත් තේරෙන්නෙ නැත. මේ දෙගොල්ල කොටවා පාස්කු ඉරිදා වැනි ම්ලේච්ඡ ප්‍රහාරයන් දක්වා මේ අන්තවාදී ත්‍රස්තයන්ව යොමු කළේ මොකටද කියා මේ සිංහල බෞද්ධ ජාතිවාදී මෝඩ නඩය කිසිදා තේරුම් නොගනුද ඇත. ඒ අනාගතයට බාර කරමු.

කොහොම වෙතත් දැන් රාජපක්ෂලාගේ බල වියරුවේ හැටියට ඒ නගුටේ එල්ලී ඉදිරියට යනවා හැර මේ මෝඩයන්ට වෙන කරන්න දෙයක් නැතිවීම, මේ රටත් පුරවැසියනුත් මේ යුගයේ ලැබූ මහ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය..එහෙත් හෙට දිනයේදී 20 වන සංශෝධනය සම්මත කරගැනීම සිදුවුවහොත් එය මේ ජාතිවාදීන්ගේ පමණක් නොව මේ රටේ අවසානයද විය හැකිය. එය වීරවංශලා නොදන්නා කාරණයක් නම් අද ලැබුණු කණේ පහරෙන් පසුව හෝ මේ ගැන පුංචි හෝ දැනුමක් ලබන්න තරම් මොළ කළඳක් ඔවුන්ට තිබිය යුතු බව අපගේ හැඟීමය.

සියල්ලට වඩා තමන්ගේ හුදු පැවැත්ම, බඩගෝස්තරය පිළිබඳ ප්‍රශ්නය ලොකු නිසා හෙට දිනයේදි කවුරු කොහොම තීන්දු ගනීදැයි අපි නොදනිමු. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන හීන මවන විමල්ලාට ඒ කහකඩ සෙට් එකට කරන්න පුලුවන් කෙන්ගෙඩියක් තවත් ඉතුරු තීබේදැයි හෙට දිනයේදී පෙන්වීමට සිදුවනුද ඇත.

කොහොම නමුත් අවසන් වශයෙන් කියන්නවන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී මෝඩ මතවාදයට බැසිල් රාජපක්ෂ හෙංචයියන් ලවා එල්ල කළ ප්‍රහාරය නම් මල් හතයි කියාය.

Last modified on Wednesday, 21 October 2020 23:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us