එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිතුවේ නම සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට යලි මන්ත්‍රීධුරයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයකු හා ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාචාර්යවරයකු යැයි කියන නීතිඥ ( දික්කසාද නඩු සඳහා විශේෂඥයකු යැයි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ) ශිරාල් ලක්තිලක මහතා විශේෂ මහන්සියක් දරමින් සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. ලක්තිලක මහතාද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මෙවර නියත ලෙසම පත්වන බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙවර මහ මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙන එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහි‍ටුවීමේ අවස්ථාව ලබා නොදී එජාපයෙන් පිරිසක් ලබා ගෙන සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශකයන් ලෙස කටයුතු කරණ 'කේවට්ට'යන් පිරිසක් මේවන විට කුමන්ත්‍රණයක නියැලෙමින් සිටින බව දැන ගැනීමට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට හැකිවුණේ නැත. ඒත් සමඟම සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව හඳුන්නෙත්ති මහතා ගැන වැගිරෙන අනුකම්පාවෙන් සහ ඡන්දය නොදුන් මෙන්ම වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය දුන් ජනතාව කෙරෙහි කෝපය, පිළිකුල සහ වෛරය හැඟවෙන ප්‍රකාශ, පෝස්ටර සහ පිටු පවා ජවිපෙ හිතවාදීන් විසින් නිර්මාණය කරන්නට යෙදිණි. බොහෝ මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේම්න්තුව තුළ ක්‍රියාශීලී චරිතයක් වූ බව සැබෑය. නමුත් මෙසේ කුලප්පු වී ජනතාවට බැණ වදින සාප කරන අය හඳුන්නෙත්තිට මුහුණ දෙන්නට වූ සැබෑ තත්වය කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැත.

2015 මහ මැතිවරණය අවසානයේ මෙතෙක් ලාංකේය දේශපාලන ශබ්දකෝෂයෙන් ගිලිහී යන වචන කිහිපයක් කිහිපයක් තිබේ. මේ විමසුම ඒ ගැනය.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට යම් ගෞරවයක් සහිතව දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ජීවිතයේ සැඳෑ කාලය සුවෙන් පහසුවෙන් ගත කිරීමට තිබු අවස්ථාව විනාශ කර ඔහුව නැවත දේශපාලනයට කැඳවාගෙන පැමිණ මහ මැතිවරණ පරාජයෙන්ද පජාත කරා දැමූ විමල් වීරවංශ නැවත වතාවක් රාජපක්ෂ මහතාව පාවිච්චි කරමින් දේශපාලන ගේමක් ගැසීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ.

මෙවර පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කළ විශාල පිරිසක් සිටින බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


එසේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල පිරිසක් පරාජයට පත්වී ඇති බව
හෙතෙම කියා සිටියේ අද (19) මහර පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ තම ජයග්‍රහණය උදෙසා කැපවූ පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කිරීමේ සුහද හමුවට එක් වෙමිනි.

මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත්ව ජයගෙන සිටින විශාල පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට පණිවිඩ එවමින් එක්සත් ජාතික පක්ෂය හා එකතුව ජාතික ආණ්ඩුවකට යමු යැයි ඉල්ලීම් කරමින් සිටින බව වාර්තාවේ.

මෙවර මහමැතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් තරග වැදුනු දෙමළ ජාතික සන්ධානය වඩා විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කර තිබේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us