විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර ගාස්තු 50%ක් අඩුකරයි !

Published in පුවත්
Friday, 29 January 2021 12:47

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ශ්‍රමිකයන්ට රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේනවා.

ඒ අනුව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50 % ක් රජය මගින් දැරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු පාර්ශව වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

එසේම සෙසු ලාංකිකයින්ට මෙරටට පැමිණීමට සහන මිල ගණන් යටතේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එහිදී වැඩිදුරටත් උපදෙස් දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය සම්බන්ධයෙන් ද, අවධානය යොමු කරන ලෙසයි.

PCR පරීක්ෂණ අනුව කොරෝනා ආසාදනය වී නොමැති පුද්ගලයින් නිවෙස් නිරෝධායනයේ තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග එක්ව හැකි සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, තවත් ශ්‍රී ලාංකිකයින් 22483 දෙනෙකු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us