ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා ගත් රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් මැදිහත් වූ ඔහුගේ සමීපතම මිතුරා වූ සයුරු සමරසුන්දර මහතාට ඔහු මේවන විට සභාපතිත්වය දරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත  සංස්ථාවේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස් වී අල්ලස් ලබා ගත්තේ තමුන් බවට ප්‍රකාශයක් කරන ලෙස විදේශ රටක සිට දුරකතනයෙන් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

ඇවන් ගාඩ් ව්‍යාපාරයෙන් දිගින් දිගටම අල්ලස් ගෙන ඒ පසුව නොලැබී යාමෙන් ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී බවත් හොර ව්‍යාපාරයක් බවත්. විවිධ ඇමැතිවරුන් අල්ලස් ගෙන තිබෙන බවත් තමාටත් අල්ලස් දීමට පැමිණි බවටත් බොරු බේගල් සමාජය හමුවේ අත හරිමින් සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සඳහා එකාබද්ධ විපක්ෂය සූදානම් වේ.

සන්ධානයට ආදරයක් ඇති නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එහි නායකත්වයෙන් අස්වන ලෙස යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මේවන රිමාන්ඩ් බාරයේ පසුවන පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසි භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිවරය විසින් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එම දෙපාර්තමේන්තුවට කළ හැකිවන්නේ මෙරට නීතිය අනුව ඔහු නැවත ඕස්ට්‍රෙලියාවට යැවීම පමණක් බවත් ඉන් පසුව ඔහුට මෙරට ද්විත්ව පුරවැසි බාවය ඉල්ලුම් කළ හැකි බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශ කළ පරිදී ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා වල තිබුනු සියලුම අවි නීත්‍යානූකූල නොවන අවි වන අතර පසුගියදා එම අවි තොගයම නාවික හමුදාව අත් අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම එම ව්‍යාපාරය රක්නා ලංකා හා නාවික හමුදාව මඟින් මේවන විට සිදු කරමින්  පවතින බවත් ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කර තිබිණි. 

පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජ්‍ය ආයතන හයක සිදුවූ බව කියන බරපතළ වංචා සහ දූෂණ සිද්ධි පිළිබඳ පරීක්ෂණවලට බාධා විය හැකි යැයි පවසා එම රාජ්‍ය ආයතන හයේ සේවය කරන ඉහළ නිලධාරීන් 13 දෙනෙකු එම ආයතනවලින් වහාම ඉවත් කරන්නැයි බරපතළ වංචා සහ දූෂණ විමර්ශන කොමිසම එම රාජ්‍ය ආයතනවලට නියම කර ඇතැයි වාර්තා වේ.

කැලණි ගඟේ ජලය දූෂනය කරන කොකා කෝලා සමාගමත් දැදුරු ඔයේ ජලය දූෂනය කරන ජිෆී සමාගමේත් ව්‍යාපාර කටයුතු තහනම් කොට එම කර්මාන්ත ශාලා වසා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට පරිසර සංවිධාන කිහිපයක් හා එම ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් සැදුම් ලත් සංවිධන කිහිපයක් මේවන විට සූදානම් වෙමින් සිටින බව අප වෙත වාර්තාවේ.

ඇවන්ගාර්ඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු අත් හි‍ටුවූ බවට ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ පැවසූවද අප වෙත වාර්තාවන තොරතුරු අනුව රක්නා ලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම සමඟ අතර පසුගිය ඔක්තොර්බර් 20 වන දින අලුත් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව වාර්තාවේ. මේවන විට කටයුතු සිදුවන්නේ ඒ අවබෝධය අනුව බවද වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us