පකිස්ථානයේ ජාතික ආරක්ෂක පුහුණු පාසලේ පාඨමාලවක් හැදැරීමට ගොස් සිටින මේජර් ජනරාල් කැප්පෙටිවලාන මහතා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ආරක්ෂක උපදේශකවරයාට පහර දීමට කළ උත්සාහයක් සම්බන්ධ පරීකෂණය යට ගැසීමේ උත්සාහයක් ක්‍රියාත්මකව ඇති බව වාර්තාවේ.

සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධනට අද (10) රහස් පොලිසියේ පෙනීසිටින ලෙස සිදුකළ දැනුම්දීමට අනුව මීට ස්වල්ප මොහොතකට පෙර සත්හඬ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න සහ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන රහස් පොලිස් මුලස්ථානයට පෙනී සිටියහ.  මෙම ජායාරූපයේ දැක්වෙනුයේ එම අවස්ථාවය.

නිදහසේ වේදිකාව සමඟ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම හෙට (10) ප.ව. 3.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මන්දිරයේදී පැවැත්වේ.

ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 'සත්හඬ' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව රහස් පොලිසියේ නිලධාරියකු පැවසිය.

තමන් ඇතුළු ඇමතිවරුන් තිදෙනෙකුට අපහාස කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව කල විමසීමකදී එම නිලධාරියා එසේ පැවසිය.

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඇති බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය ඔහුගේ හිතළුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් දැමීමට ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පළ වී තිබේ. ඒ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති තමන්ට මිළ මුදල් යාන වාහන ලබා දී ඇති බව කළ ප්‍රකාශය නිසාය. එය තමනට අල්ලස් දීමට ගත් තැතක් බව ෆොන්සේකා මහතා පසුගියදා මාධ්‍යවලට ප්‍රකාශ කර තිණි.

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු ළඟදීම හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්  මැද පෙරදිග ගුවන් සමාගම් හා ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us