බුදුන් වහන්සේ දෙසු ධර්ම විනය සූත්‍ර පිටකයන් බල්ලට දමා තක්කඩි පූජක පැලැන්තියක් ලෙස බෞද්ධ ජනතාව රවටාලමින් ජීවත්වන කහකඩධාරීන්ට එරෙහිව ආණ්ඩුව ඊයේ නව නීතිරීති සමූහයක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහය ඉල්ලීය. මේ නව නිති රීති සමූහය ථේරවාදී භික්ෂූන්ට පමණක් අදාල වන පරිදි මෙරට ත්‍රෛ නිකායික භිෂූන්ගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ වන නීති රීති පද්ධතියක් වන අතර එය බුදුන් දෙසූ විනය පිටකයට අනුකූලව සකසා ඇත. මේ නිසා කිසිදු භික්ෂුවකට මේ සඳහා එරෙහි වීමේ හැකියාවක් නැත.

මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව සිදුකරන පරිසර ක්‍රියාකාරීන් දඩයම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

නාවික හමුදාවෙන් රුපියල් බිලියන දෙකයි දශම පහක් (2.5) අලාභයක් ඉල්ලා නාවික හමුදාපතිට එන්තරවාසියක් යැවීමට ඇවන්ගාඩ් සමාගම සිය නීතිඥවරු මඟින් ක්‍රියාකර තිබෙන බව ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ජනාධිපති කොමිසම හමුවේ ඉකුත් 08 වැනිදා අනාවරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාතිය වෙනුවෙන් නිර්මාණය කර තිබූ ගීතය සහ වීඩියෝව සම්බන්ධව මූලික වී කටයුතු කර තිබෙන්නේ ජාතික හෙල උරුමයේ චම්පික රණවක ඇමැතිවරයාගේ හෙංචයියකු වන ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා උත්හස කලැයි බොරු චෝදනා නගා වසර 10 ක් මුලුල්ලේ රිමාන්ඞ් බන්ධනාගාරයේත් පසුව යළිත් 10 වසරකට සිරදඬුවමකට යටත් කොට සිටි සිවරාජා ජෙනිවන් නැමැති දෙමළ ජාතිකයාව ජනාධිපති සමාවක් යටතේ පසුගිය 07 වන දා නිදහස් කෙරී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප්‍රාප්තිය සිදුවන විට ඔහුව ‘සිංහල බෞද්ධ විගඩමක්' බවට පත් කිරීමට ඔහු වටා සිටින උපදේශකයන් රොත්ත සමත් වී ඇත. පදවි ප්‍රාප්ත උළෙල පදවි ප්‍රාප්ත ගිතය හා සියලු ප්‍රචාරක කටයුතු වලින් සිදුව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ජනවාරි 08 වන දින රට, ලොව හමුවෙ පෙන්වනු ලැබු නූතන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ තේජස, විගඩම්කාරයකුගේ විකාර නාගඩමක් බවට පත්වීම හැර වෙන කිසිවක් නොවේ.

වැය ශීර්ෂ පරාජය වීමේ ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර පළාත් සභාවේ සිය ඇමති ධූරය අහිමිකරගත් නිශාන්ත වර්ණසිංහ මහතා අද ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට උත්සහ කල අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඒකාබද්ධ විරෝධය හමුවේ එය හකුලාගන්නට ඔහුට සිදුවී ඇත.

උදය ප්‍රභාත් ගම්මන්පිල දේශපාලනයට එන්නේ ලංකාවේ සිංහල බෞද්ධයා පණ ගසා පැමිණි ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග මතුවුණ හෙළ උරුම දේශපාලන ගමනත් සමගය. සිහළ උරුමයේ අංකොං වලට ගෑවි සිටියත් ගම්මන්පිලට තැනක් ලැබෙන්නේ හෙළ උරුමයෙන්ය. සිංහල ජාතිවාදය සිය ආයුධය කර ගනිමින් දේශපාලනය ඉහළ තැනකට යන්නට වලි කෑ ගම්මන්පිලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුරුම්පුවක් විය. 

රාජපක්ෂ රෙජීමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙරට බහුතරයක් ජනතාව පය තැබූ දිනය ජනවාරි 8 දින ඉතාමත් චාම් ලෙස සැමරීමට සූදානම් වෙද්දි පරාජයේ වියරු සිහිනයෙන් අවදිවී නැවත යන එන මං සොයන ගම්මන්පිලලාට කළු කොඩි දමන්නට ආසාවක් ඇතිවිය. කළු කොඩි සතියක් ලෙස නම්කර එයට ප්‍රචාරණයක් දෙන්නට උත්සහ කලේද තනි ගම්මන්පිලමය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us