ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා තමා දැරු දේශපාලන ස්ථාවරය වෙනස් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඊයේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමද විනාඩි 40 කට සීමා වී තිබේ. විශේෂ වැදගත් කිසිවක් ගැන එහිදි සාකච්ඡා කොට නැත.
සිරිසේන චූ රෙදි පිටින් හොර ඇමැති මණ්ඩලය රැස්කරයි.
අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා බයෙන් බිරාන්ත වී සිටින ජනාධිපති සිරිසේන හදිස්සියේම හොර ඇමැති මණ්ඩලය කැබිනට් කාර්යාලයට කැඳවා ඇත.
සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් මීට මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත මහින්ද රාජපක්ෂ ලිඛිතව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය මාධ්‍ය අල්ලාගෙන සිටි මහින්දගේ පඟරනැට්ටන් ආගිය අතක් නෑ
සිරිසේන ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමේ අතුරු නියෝගයත් සමඟ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිටින මහින්දගේ හොර ගොබිලන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව රැස්කරයි. සිරා + මරා පූට්ටුව බහුතරය නැතුව අර්බුධයක. මන්ත්රීධූරත් අහිමි වෙයි !
සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රි ලංකාවේ ප්රජාතනත්රවාදය අධිකරණයේ සුරක්ෂිත භාවය ගැන කොළ එළියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සිරා මරා බලු පූට්ටුවේ නීති තර්ක බීඳ වැටේ. යළි පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකට අවස්ථාවක්
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවාවට බිලියන 93 පාඩු කළ කපිල චන්ද්‍රසේනට සභාපතිධුරය !
ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනව එම සමාගමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද පත් කර තිබේ
සිරා + මරා සන්ධානය හදන්නේ චතුරිකා වෙනුවෙන්.! පොහොට්ටුවෝ මාරාවේශ වෙති
එළඹෙන මහ මැතිවරණයේදි ජනාධිපති දියණි චතුරිකා සිරිසේන පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට ගන්නා උත්සාහයට පොලොන්නරුවේ පොහොට්ටු සාමාජියෝ මේ වන විට මහින්ද රාජපක්ෂට දන්වා ඇත්තේ කිසිසේත්ම ඊට ඉඩ දිය යුතු නැති බවය.

