වරාය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට එරෙහිව වරාය පාලනාධිකාරිය ගෙන යන මර්දනකාරි ක්‍රියා පිලිවෙත වහාම අකුලා ගන්නා ලෙස ඉල්ලමින් මීට දින දෙකකට පෙර ඇ‍රැඹි අඛණ්ඩ උපවාසයට අද දින තවත් වෘත්තීය සමිති ක්‍රියකාරිකයන්ගේ සහය ලැබී තිබේ. වරාය අංක තුන ගේට්‍ටුව අසල ආරම්බ කළ අඛණ්ඩ උපවාසය සදහා වෘත්තීය සමිත් නියෝජිතයන් තිදෙනෙකු ආරම්බයේදි එක්ව සිටියහ . අද දින තවත් වෘත්තීය සමිතියක නියොජිතයෙක් ඊට එක්වී ඇත.

මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව එම තනතුරින් ඉවත් කළ යුතු බවට සිදු කෙරෙන ව්‍යාපාරය සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජා විසින් සූක්ෂමව සැලසුම් කළ රනිල් විරෝධී කුමන්ත්‍රණයක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ සාමාජිකයන් විශාල පිරිසකට එල්ල වෙමින් පවතින දේශපාලන ඝාතන චෝදනා සම්බන්ධයෙන් සහනශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මහතා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ. හමුදාපතිවරයා නීතිපති දෙපාර්තාමෙන්තුව වෙත ගොස් නීතිපතිවරයා හමුවීම් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

නවීකරණය කරන ලද යාපනය දොරෙයප්පා ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳහා අද දින යාපනයට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උතුරේ සිවිල් සංවිධාන වල බලවත් විරෝධය පලකර ඇති බව වාර්තාවේ.

මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකර ඔහුව එම ධුරයෙන් ඉවත් කරන බවට ප්ර්කාශයක් ජනාධිපතිවරයා මෙම සති අන්තය තුලදී සිදු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන්  අක්‍රමිකතා සිදුව තිබෙන බවට මේවන විට ආණ්ඩුවේම කොටස්, ඒකාබද්ධ විපක්ෂය නියොජනය කරන කොටස් හා නිල විපක්ෂය නියොජනය කරන ජනතා විමුක්ති පෙරමුණද දිගින් දිගටම පෙන්වා දෙමින් තිබේ.

කොළඹ මහ නගර සභාව විසින් පවරා ගැනීමට යාමේදී අයිතිකරුවන් රැසක් ඉදිරිපත්වීම නිසා මහත් කලබැගෑනියක් බවට පත්වූ කොළඹ 07 බාන්ස්‌ පෙදෙසේ රුපියල් කෝටි 800 ක්‌ පමණ වටිනා ඉඩමේ ගනුදෙනු පිටුපස එවකට රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රබලයකුගේ සහ පාතාල හිතවත්කම් පැවති දුෂිත ව්‍යාපාරිකයෙකුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින මන්ත්‍රී කණ්ඩායම රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ චෝදනා කළහ. ඔවුන් එලෙස චෝදනා කළේ අද (14දා) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගියදා අවිස්සාවෙල්ල කොස්ගම සාලාව යුධ හමුද කඳවුරේ 'උප උණ්ඩ ගබඩාව' ගිනිගෙන විනාශ වී යෑමේ වගකීම එම ගමබාව මිට මාස කිහිපයකට පෙර බාරව සිටි හමුදා නිළධාරියා මත පැටැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us