එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පරිසරික විනාශය ගැන වාර්ථාවක් බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවට බාර දීම, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ලබන 15 වන දින සිදු කිරීමට නියමිතය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෙන ආ ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පිහිටවූ එම අධිකාරියේ සභාපතිධුරය ඉසුලූ මහාචාර්ය ලාල් ජයකොඩි මහත හා ප්‍රධාන විධායකධුරය ඉසුලූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වන තැනට වැඩ සලස්වා මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දොස්තර කමල් ජයසිංහව පත් කර තිබේ.

පසුගියදා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සංචාරය සඳහාත් ප්‍රභූ( VIP) පහසුකම් ලබා දෙන්නැයි විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ. පසුගිය මාසයේ උගන්ඩාවේ සංචාරය කිරීම සඳහා වන වියදම සහ ප්‍රභූ පහසුකම් විදේශ අමාත්‍යංශය විසින් ලබා දී තිබිණි.

රටේ ආර්ථික ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් මේවන විට පවතින ජනතා විරෝධය යටපත් කිරීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ එම ඇමැති තනතුර වෙනස් කිරීම හෝ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්ර්න් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකිරීම යන දෙකෙන් එකක් ‍තෝරා ගැනීම විය යුතු බවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අගමැතිවරයාගේ පාර්ශ්වයට දැනුම් දී ඇත්තත් අගමැතිවරයා මහ බැංකු අධිපති කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා ගෙන සිටින බව දැන ගැනීමට තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා කොස්ගම සාලාව උණ්ඩ ගබඩාව පිපිරීමෙන් පසුව කීවේ තමන් මෙම ගබඩාව අනාරක්ෂිත බැවින් එහි තිබූ උන්ඩ වේයන්ගොඩ ගබඩාවට ගෙන ගොස් දැමූ බවය. මේ ගැන විමල් වීරවංශලා වැනි ගොබ්බ දේශපාලකයන්ද කීවේ ගෝඨාගේ වැඩ පිලිවෙල මේ ආණ්ඩුව ක්‍රියත්මක නොකිරීම නිසා සාලාවේ අනතුර වූ බවය. එහෙත් වේයන්ගොඩ උණ්ඩ ගබඩාව යනු කිසිදු ලෙසකින්වත් ආරක්ෂක ක්‍රමවේදයක් හෝ පවත්වාගෙන ගිය ගබඩාවක් නොවන බව මේ වනවිට හෙළිව තිබේ.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා දැනට සිටින සාමාජිකයින් 24ට අමතරව තවත් සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

කථානායක කරු ජයසුරියගේ ඉල්ලීම පරිදි තමන් දිනකට ඇවිදින පියවර ප්‍රමාණය මැන ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට, පාර්ලිමේන්තු කාර්‍යමණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ සේවාවන්හී නියුතු වූවන් සඳහා පියවර මානයන් ( Pedometer ) 1500ක් ලබා දීමට ද නියමිතය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන "පියවර දහසක් නිරෝගී දිවියක්" වැඩසටහන යටතේ හෙට (08) දින පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක වනු ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us