2018 - 2050 සංශෝධිත ජාතික භෞතික සැළසුම ජනාධිපතිවරයා යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය හරහා නවතා දමා තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 26 වන දායින් පසුවයි. වසර 30 ක කාලයක් සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය ඩොලර් මිලියන 400 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබුණා.

දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.

මහින්ද රාජපක්ෂ ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ශ්‍රීලනිපය අත් හැර පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම නිසා සිය මන්ත්‍රීධුර අහෝස් වීමේ දැඩි අවධානමකට ලක්ව තිබේ. මේ තත්වය හමුවේ තමන් කිසිවකුත් පොහොට්‍ටු පක්ෂයේ සාමාජිකත්වය නොගත්තු බවට පාර්ලිමේන්තුව හමුවේද පැවැසීමට එම කණ්ඩායමට සිදු විය.

සිරිසේන ජනාධිපතිවරයා ඊයේ පැවැති ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීන් 21 දෙනාට ඇමැතිකම් දැරීමට ඉඩ නොදෙන බව පවසා ඇත. එහිදී මේ වන විටත් එජාප ආණ්ඩුවට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින විජිත් විජයමුණු සොයිසා, ඉන්දික බණ්ඩාරනායක පියසේන ගමගේ මනූෂ නානායක්කාර ඒ එච් එම් පවුසි සහ ලක්ෂ්මන් සෙනවිරත්නගේ නම් සඳහන් කරමින්ම ඔවුන්ට ඇමැතිකම් දීම තමන් අනුමත නොකරන බව පවසා ඇත.

ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුව සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව එජාප ආණ්ඩුව පිහි‍ටුවා එය ශක්තිමත් කිරීමේ මෙහෙයුමක්ද දියත් විය.

ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.

අන්ත අසරණ වී සිටින රාජපක්ෂගේ කල්ලිය අද දිනද පාර්ලිමේන්තුවේදි පරාජයට පත් විය. ඒ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සිව් දෙනකු අද ආණ්ඩු පක්ෂයට එක් වීමත් සමගිනි. තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපයේදි ආණඩු පාර්ශ්වයට එක් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති - ඇලේනා ටෙප්ලිට්ස් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථානුකූල දේශපාලන වර්ධනය පිළිබඳ අමෙරිකාව සතුටු වෙන බව පවසනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us