පාස්කු කොමිසමේ නිර්දේශ, දේශපාලන අර්බුධයකට මඟ පාදයි.. Featured

Published in පුවත්
Tuesday, 23 February 2021 15:26

පාස්කු ඉරිදා ප්‍රහරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමෙහි අවසන් වාර්ථාව අද පාර්ලිමේන්තුවේ කතානායක වරයාට බාර දීම සිදු කොට තිබිණි. ඊයේ සවස එය අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත ලබා දීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබිණි.

මේ වන විට එම කොමිසම් සභා වාර්තාවේ නිගමන සහ නිර්දේශයන් සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ වීම ආරම්බ වීද තිබේ. එම තොරතුරු අනුව මෙම කොමිසමෙහි නිගමනයන් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවට බොහෝ දෙනා කරුණු දක්වමින් තිබේ.

කොහොම නමුත් මෙම නිගමන වලදී ප්‍රහාරයට යම් ආකාරයකට වගකිව යුත්තන් ලෙස නම් කර තිබෙන හිටපු ජනාධිපතිවරයා ඇතුලු නිලධාරීන් සම්බන්ධයෙන් ' ..අපරාධ නඩු පැවැරීම පිළිබඳව සලකා බැලීම සඳහා මෙහි සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත බාර දීම මැනවයි...' කියා අවසන් නිර්දේශය ලබා දී තිබේ. එනම් මෙම කොමිසන් සභාව මෙම චූදිතයන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් ඇති බව විශ්වාස නොකරන බව පැහැදිලිය.

එසේම මෙම වාර්ථාවේ තවත් නිර්දේශයන් ගනනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒවා රටේ සංහිඳියාව පවත්ගෙන යෑම සහ ජාතික ආරක්ෂාවට බලපවත්වන පරිද්දෙන් ඉදිරිපත් කර තිබුණද ඉට අදාලව මෙරට සෑම ක්ෂේත්‍රයකම පාහේ තිබෙන අර්බුධ ගනනාවක තාර්කික ප්‍රතිපලයක් ලෙස මෙම පාස්කු ප්‍රහාරය එල්ල වී ඇති බව පෙන්වා දෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රය, රටේ ඉඩම් නීති රීති, මැතිවරණ ක්‍රමය ආදී වශයෙන් ක්ෂේත්‍ර ගනනාක් ගැන මෙම කොමිසම සිය අවධානය යොමුකරමින් වහා සිදු විය යුතු වෙනස්කම් රැසක් නිර්දේශ කරයි.

කෙසේ නමුත් මෙම නිර්දේශයන් බොහොමයක් මීට පෙර අවස්ථාවලදීත් මේ සමාජය තුල බරපතල ලෙස සාකච්ඡාවට නැගුණු ඒවා වේ. එහෙත් ප‍ටු දේශපාලනික වුවමනාවන් මත ඒ බොහොමයක් දේ මේ රට තුල ක්‍රියාත්මකවීම පටු දේශපාලනය පාක්ෂිකභාවයන් විසින් වලක්වනු ලැබ තිබිණි.

මේ අනුව මෙම කොමිසම ඉදිරිපත් කරන බොහොමයක් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම වත්මන් දේශපාලන ගොහොරුව විශාල කැළඹීමකට යටත් කරන බවත් පැහැදිලිය. මේ නිසා ආණ්ඩුවත් විපක්ෂයත් මෙහිදී ව්‍යාකූලත්වයකට පත්වෙනු ඇත. කොහොම නමුත් මේ ගැන ඉදිරි සතිවල විශාල කතිකාවකට මුලපිරිය හැකි තරම් බොහෝ දේ මෙම කොමිසම් වාර්ථාව තුල අඩංගුය.

1234

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us