ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් රනිල් !

Published in පුවත්
Wednesday, 24 February 2021 10:42

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.


එය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට පහසුකම් සපයා ඇති බවද වාර්තාවේ දැක්වේ.

එසේම හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේදී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙස නිර්දේශ කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ කළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වේ. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලීම සඳහා උන්වහන්සේ 2013 හා 2014 වසරවල මහරගම හා අලුත්ගම යන ප්‍රදේශවල කළ කතා නීතිපතිවරයා සලකා බැලිය යුතු බවද නිර්දේශයකි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් කරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු අතර සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බව කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

තවද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවත් එම කොමිසම නිර්දේශ කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැති ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් නොකිරීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු කිරීම මගින් චේතනාන්විතවම සහරාන්ගේ අයි. එස්. තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us