වී සම්බන්ධයෙන් ඉවත් කල තීරණය ගැන මහින්දානන්ද කියයි

Published in පුවත්
Wednesday, 24 February 2021 10:20

පොහොර සහනාධාරය ලබාගෙන හෙක්ටයාරයකට වැඩි භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් රජයට අනිවාර්යයෙන් වී ලබාදිය යුතුය යන තීරණය ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (23 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ අලුත්ගමගේ,

'' පොහොර සහනාධාරය ලබන ගොවීන් රජයට වී කිලෝ 1000 ක් දෙන්න ඕනේ කියන තීරණයෙන් අපි ඉවත් වුණා. හැබැයි කීයට වී ගත්තත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 97 ටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 99 පාලන මිලටත් වඩා වැඩියෙන් විකුණන්න බෑ. වී අලෙවි මණ්ඩලයට වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට කිසිදු බලපෑමක් නැහැ .
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට මිලදී ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ කරලා තියෙනවා.
මීට පෙර ආණ්ඩුව තීරණය කර තිබුණේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණක් මිලදී ගන්නයි.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය මගින් වී තොග මිලදී ගැනීමේදී කිලෝවක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමටද කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබෙනවා.
ඒ අනුව රුපියල් 44කට මිලදී ගත් තෙත වී කිලෝවක් රුපියල් 46කටද, රුපියල් 50කට මිලදී ගත් නාඩු වී කිලෝවක් රුපියල් 52කටද, රුපියල් 52කට මිලදී ගත් සම්බා වී කිලෝවක් රුපියල් 54කටද මිලදී ගැනීමටයි තීරණය කර තිබේන්නේ '' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us