ආයෝජන කඩිනම් කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 23 February 2021 13:35

'' අයෝජන කළමනාකරණ කමිටුව'' යන නමින් ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේනවා

ඒ ජාත්‍යන්තර ආයෝජකයින්ට දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඔවුන්ගේ උනන්දුව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුවීම හේතුවෙනි.

ඒ අනුව භාණ්ඩාගාරයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව සමන්විත වන බව පැවසෙයි.
මෙහිදී ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම එම කමිටුවට පැවරෙන බව අද දිනයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී අනාවරණය කෙරිණි.
විශේයෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු මෑතකදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර ඇතැයි රජය පවසයි. එහෙත්, එවැනි ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බව බලධාරීන් පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් ආයෝජකයාගේ උනන්දුව මත ශ්‍රී ලංකාවේ ආයෝජන බලධාරින් මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුව තිබෙන බවත් රජය පවසයි.
“මෙම තත්ත්වය යටතේ එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ කඩිනම් අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ‘ආයෝජන කළමනාකරණ කමිටුව’ නමින් භාණ්ඩාගාරයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම එම කමිටුවට පැවරීමටත් යෝජනා වී තිබේ.” යනුවෙන් කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී දී අනාවරණය කෙරිණි.
-පංචාලි අබේසේකර

 

Last modified on Tuesday, 23 February 2021 14:38

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us