ලබන මස පළමු සතියේ සිට කොවිඩ් එන්නත ලබා දෙන පිරිස්  

Published in පුවත්
Monday, 08 February 2021 13:56

ලබන මස පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 - 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇති අතර එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඇය සදහන් කරන්නේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙම මාසය ඇතුළත කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කරනු ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට එන්නත්කරණය කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි කී ඔහු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටද එන්නත ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

මෙම මස මැද භාගයේදී ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ අටක ප්‍රමාණයක් ලැබීමට නියමිත බව දැනුම්දී ඇතැයි පවසන හෙතෙම එම එන්නත් ලැබුණු පසු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම කරනු ඇතැයිද කීය.

මේ අතර මේම මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us