පෙත්සම ඉදිරිපත් කරමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ කියා සිටින්නේ ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
-පංචාලි අබේසේකර