මහින්දානන්ද සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නේ ද? නැද්ද? තීන්දුව 25

Published in පුවත්
Monday, 08 February 2021 12:11

රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 25 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ, සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සමිතියට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල කරමිනුයි මෙම නඩුව පනවා ඇත්තේ. එම නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ, නඩුවේ පැමිණිල්ලට අදාළ සාක්ෂි කැඳවීම අවසන් කරන බවය.

අනතුරුව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

ඊට අදාළ ලිඛිත දේශනයක් ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට බාරදුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අමාත්‍යවරයා නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 25 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us