ගංගාවල වැලි මනින්නැයි ඇමැතිගෙන් උපදෙස්

Published in පුවත්
Monday, 08 February 2021 11:29

ගංගා ආශ්‍රිතව තිබෙන වැලි ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීම සඳහා නැවත සමීක්ෂණයක් සිදු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත.

කැලණි ගඟ, මහවැලි ගඟ හා කළු ගඟ ආදි ගංගා ආශ්‍රිතව තිබෙන වැලි ප්‍රමාණය සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අවසන් වරට සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2019 වසරේදීය.

ගංගා ආශ්‍රිතව වැලි කැණීම ඉහළ ගොස් ඇති බැවින් මෙම සමීක්ෂණය යළි සිදුකරන ලෙස ඇමැතිවරයා උපදෙස්දී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි කැණීම සඳහා වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ මහවැලි ගඟටය. මීට අමතරව කළු ගඟේ වැලි ගොඩ දැමීම පසුගිය දෙසැම්බර් 31 වන දා සිට බලපත් 246 ක් අත්හිටුවා තිබූ අතර, කළු ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යළි බලපත් නිකුත් කර ඇත. මීට ඉහතදී කළු ගඟේ මෝය කටේ සිට අඟුරුවාතොට පාලම දක්වා වැලි ගොඩ දැමීමට වැලි කැණීම් බලපත් 800 ක් නිකුත් කර තිබුණි. නමුත්, ගඟේ ලවණ ප්‍රතිශතය ඉහළ යෑම හේතුවෙන් බලපත් නිකුත් කිරීම අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගන්නා ලදී. වර්ෂාව අඩු කාලවලදී මුහුදු ජලය කළු ගඟ ඔස්සේ ඉහළට ගමන් කිරීම හේතුවෙන් කළුතර ප්‍රදේශයේ ජනතාව පානීය ජල ගැටළුවකට මුහුණ පෑමට සිදුවීම හේතුවෙන් අදාළ කැණීම් බලපත් අත්හිටුවා තිබිණි.

කෙසේවෙතත් කෙටි කාලයක් සඳහා කොන්දේසි සහිතව යළි වැලි කැණීම් සඳහා බලපත් නිකුත් කිරීමට අදාළව පරිසර අමාත්‍යංශ ලබා දී ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැනින් වැලි පස් මැටි සඳහා වන බලපත්‍ර අත්හිටුවීම මත ඉවක් බවක් නොමැතිව ගංඟා වැව් ඉවුරු ආදිය කැපීමෙන් විශාල පාරිසරික හානියක් එමඟින් සිදුවූ බවට පරිසරවේදීන් චෝදනා කරයි.

ඉදිරියේදී දැදුරු ඔයේ සහ මා ඔයේ වැලි ගොඩ දැමීම සඳහාද අවසර ලබාදීමට සැලසුම් කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us