මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල සහාය ලබාදීමට පාකිස්තානය ඉදිරිපත්වේ.

Published in පුවත්
Monday, 08 February 2021 11:20

එළඹෙන ජගත් මානව හිමිකම් කවුන්සල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන මුස්ලිම් රටවල සහාය ලබාදීමට පාකිස්තානය ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන 23 දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ දී සාකච්ඡාවට ගැනීමට නියමිත යෝජනාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පකිස්තානය විසින් එම කොමිසම නියෝජනය කරන මුස්ලිම් රටවලින් ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එළඹෙන 22 දා පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ තීරණාත්මක අවස්ථාවක බවට දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

ජිනිවා හි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ලබන 23 වනදා ඡන්ද විමසුමකට ලක් කිරීමට ද නියමිතව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us