කිරි ගොවි ණය මුදල දස ලක්ෂය දක්වා වැඩිකිරීමට අගමැතිගෙන් උපදෙස් !

Published in පුවත්
Tuesday, 09 February 2021 10:09

කිරි ගොවින් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන ලෙස අදාළ බලධාරීන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ උපදෙස් දී තිබේ.

අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට 4%ක පොලියට රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

අයවැය යෝජනා අනුව දැන් ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේ දී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල පැහැදිලි කර තිබේ.

ඒ අනුව රජයේ සේවකයන්ට දෙනු ලබන සහ දැනට ලබා ගත් නිවාස ණය මුදල් 7%ක පොලී අනුපාතය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම සහනය මත රජයේ සේවකයකුගේ මාසික වැටුප් වැඩිවීම රු. 2500-3000ක් අතර වන බව එස්.ආර්. ආටිගල පෙන්වා දී ඇත.

රජයේ සහ රජයේ නොවන සේවකයන් වෙනුවෙන් විදුලි සූර්ය පැනල සිය වහලයට සවි කිරීම සඳහා දැනට 4%ක පොලී අනුපාතයට රුපියල් ලක්ෂ 08ක් දක්වා ණය මුදල් ලබා දීම සිදු වේ.

මෙම කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී දී උපදෙස් දී තිබේ. එමගින් බීර නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණ වශයෙන් වී මිල දී ගැනීම සීමා කළ හැකි බව ද පෙන්වා දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ක්‍රියාත්මක මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රම සඳහා 6.25%ක පොලියට ණය පහසුකම් ලබාදීම ආරම්භ වී තිබේ. විදුලිය ලබා ගැනීම ඇතුලු සමෘද්ධි සමාජිකයන් වෙනුවෙන් පිරිනමන සහන ණය මුදල් කඩිනමින් ලබා දීම පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත .

විදේශ ණය සඳහා යොමු වීම වෙනුවට විදේශ ආයෝජන සම්බන්ධයෙන් රජය මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගලඑහිදී ප්‍රකාශ කර ඇත. එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව හෙතම අවධාරණය කළේය.

ශ්‍රි ලංකා රේගුවේ ආනයන අංශය ඔන්ලයින් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය එය ගැටලු අවම කර ගැනීමට උපකාර වූ බව ද පෙන්වා දුන්නේය. එමෙන් ම දිනකට රේගුවට පැමිණෙන වාප්පු ලිපිකරුවන් සංඛ්‍යාව සියයට 60කින් පමණ අඩුකර ගැනීමට එය උපකාරි වූ බව ද කියා සිටියේය.

මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමයට බදු ගෙවීම අද දිනයේ සිට ක්‍රියාත්මක අතර ඊට බැංක 05ක එකඟත්වය හිමි තිබේ.

බැංකුවලට ණය මුදල් හා ලීසිං මුදල් කලින් පියවීමේ දී 3%ක ගාස්තුවක් ගෙවීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් එම ගෙවීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු යැයි ද එහි දී යෝජනා කර තිබේ.

-පංචාලි අබේසේකර

m1m2m3m4

Last modified on Tuesday, 09 February 2021 10:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us