කම්කරු වැටුප රු.1000 කිරීම පිළිබඳ කම්කරු කොංග්‍රසයෙන් අග්‍රාමාත්‍යතුමාට තුති...!

Published in පුවත්
Tuesday, 09 February 2021 10:24

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ඊයේ (08) දින පැවැති වැටුප් මණ්ඩලයේ දී අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී ස්තූති පළ කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්තිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතාපන්දි රාමේෂ්වරන් යන අය විජේරාම පිහිටි නිල නිවසට පැමිණ අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති වැටුප් මණ්ඩලයේ දී වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 900ක දෛනික වැටුප සහ රුපියල් සියයක දීමනාව අනුමත වී තිබේ.

ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ආණ්ඩුවේ වැවිලි සමාගම් වතු වෘත්තීය සමිති සමඟ එක්ව අනුමත වූ වැටුපට ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us