දේශීය සිනමාව නඟාසිටුවීමට අවශ්‍ය සහන සපයන්න රජය සුදානම්  

Published in පුවත්
Tuesday, 09 February 2021 10:41

දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර ඇති බව වාර්තා වෙනවා.

දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් ඊයේ (08) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් හමුවිය.

එම හමුවීමෙන් අනතුරුව අමාත්‍ය අජිත් කබ්රාල් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව හිමිව ඇත්තේ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක,

“සිනමාකරුවෝ හැටියට අපි අගමැති තුමාට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා කාලයකට පෙර. එහි ප්‍රතිඵලයක් හැටියට අජිත් නිවාඩ් කබ්රාල් ඇමති තුමා අපිව අද කැඳවලා ඇහුවා අපේ ප්‍රශ්නය සහ ඒ තියෙන තත්ත්වය ගැන. අපි පැහැදිලි කිරීමක් කළා. සිනමාව දැනට වැටිලා තියෙන තත්ත්වය මොකද්ද අපේ ගැටලු මොනවා ද යන්න පිළිබඳව. අපි බලාපොරොත්තු වන සහන මොනවා ද කියලා. විශේෂයෙන් ම ඉලක්ක කරේ කර්මාන්ත හා ව්‍යාපාර නඟා සිටුවීමට රජය ඉදිරිපත් කරන සියයට 4 ණය සහන ක්‍රමය සිනමාවටත් දෙන්න කියලා. ඔවුන්ගේ ප්‍රතිචාර අනුව අපිට සතුටු වෙන්න පුළුවන්. එය ඉටු කරන වගට මේ අවස්ථාවේ දී පොරොන්දු වෙලා තියෙනවා.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us