පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිටු ලක්ෂයක්. මුද්‍රණ වියදම මිලියන 10ක්

Published in පුවත්
Saturday, 30 January 2021 14:37

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්ථාව පිටු ලක්ෂයකට ආසන්න වනු ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් වැය වෙනු ඇති බත් වාර්තාවේ. මෙම වර්තාව ජනවාරි 31 වැනි දින ජනාධිපතිවරයාට බාර දීමට නියමිතය.

මේ වන න විට රාජ්‍ය මුද්‍රණ සංස්ථා මුද්‍රණාලයෙහි මෙය මුද්‍රණය වෙමින් පවතී. මෙහි සාක්ෂි සටහන් කොටස පමණක් පි‍ටු 40,000ක පමණ වන බවත් සඳහන් වේ.

පසුගිය 2019 වසරේ අප්‍රේල් 21 වන පාස්කු දින මෙම ප්‍රහාරය එලල් වූ අතර මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සියලු දෙනා එම ප්‍රහාරයත් සමඟ මිය ගියේය. මෙම ප්‍රහාරයට අනුබල දුන් යැයි සැක කෙරෙන තවත් කිහිපදෙනෙකු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන සිටී. පාස්කු කොමිසම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිහි‍ටුවනු ලැබූ අතර වත්මන් ජනාධිපතිවරයාද එම කොමිසමෙහි කාලය දීර්ග කරමින් අදාල විමර්ශනයන්ට පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී.

එහෙත් මාධ්‍ය මඟින් හෙළිකරණු ලැබූ මෙම කොමිසම හමුවේ ලැබුණු සාක්ෂි මත මෙම ප්‍රහාරයෙහි වගකිව යුත්තන් කවුද යන්න ගැන තව දුරටත් කුකුසක් සමාජය තුල පවතී. එම නිසා මෙම කොමිසම් සභා වාර්තාව අවසන් වරට කරන තීරණ සහ නිර්දේශයන් කෙරෙහි මෙරට පමණක් නොව විදේශයන් වලද විශාල උනන්දුවක් පවතී.

මෙම ප්‍රහාරට වගකිව යුතු යැයි චෝදනා කරමින් අමරිකාව සැකකරුවන් තිදෙනෙකුට නඩු පවරා ඇති අතර එම අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටී.

කොහොම නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ විමර්ශනයේදී පුද්ගලයන් 32 කුට එරෙහිව නඩු පැවැරීම සඳහා එම වාර්තාව මේ වන විටත් නීතිපති දෙපාර්ථමේන්තුවට් බාර දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us