කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධකොට එම පරිශ්‍රයේ පොළව යට ඉදි කොට ඇති අධි සුඛෝපභෝගී මන්දිරය ඉදිකිරීම සඳනා නැකත් බැලීම,  බහිරව පූජා පැවැත්වීම, වාස්තු දෝශ බැලිම ආදිය සිදු කොට තිබෙන්නේ රාජකීය දෛවඥාඥයා ලෙස වැඩ සිටි සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් බව ජනාධිපති මන්දිරයේ සේවකයෝ පවසති.

විශේෂ කාර්යයන් පිළිබඳ ඇමැති ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

මෙතුවක් කල් මාධයයට අනාවරණය නොවූ සුඛෝපභෝගී මන්දිරයක් කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය යට ඉදි කොට ඇති බව අද දින(22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට පෙන්වන ලදී.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ත්‍යාග මුදල් අයථා පරිහරණය කරමින් නීති විරෝධී ලෙස දේපළ උපයා ඇති බව කියන එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ හා බිරිඳගේ පුතුගේ ගිණුම් සම්බන්ධ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (21) මූල්‍ය ආයතන 81ක කළමනාකරුවන් වෙත නියෝග නිකුත් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් හා ඔහුගේ බිරියගෙන් රුපියල් 73,76,96044ක මුදලක් අයකර ගැනීමට හැකි නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ෙපෟද්ගලික ලීසිං සමාගමක් කොළඹ වාණිජ මහාධීකරණයේ හා දිසා අධිකරණයේ නඩු හතරක් ගොනු කළේය.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ කිසිසේත් නතර කරන ලෙසට නීතිපතිවරයාට බලපෑමක් කර නැති බවත්, නීතිපතිවරයා ද එම පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන ලෙසට අදාළ අංශවලට උපදෙස් ඇති බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ලක්විජය - නොරොච්චොලේ තාප විදුලි බලා ගාරය සඳහා ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව හරහා රුපියල් බිලියන 2.2ක අක්‍රමිකතාවයක් සිදුව තිබේ. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබීමය.

මත්කුඩු ජාවාරම්කාර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නැමැත්තිය බොරැල්ල ප‍්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා පොලීසියට අවසර දී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us