වී අලෙවි මණ්ඩලයේ රු මිලියන 3,000 ක වංචාවට නඩු පැවැරේ  

Published in පුවත්
Sunday, 24 January 2021 21:05

වී අලෙවි මණ්ඩලයේ රුපියල් මිලියන 3,000 කට ආසන්න අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), මූල්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය කළමනාකරු යන තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.

වී අලෙවි මණ්ඩලයේ මෙම දූෂිත නිලධාරීන් විසින් වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේ දී සිදුකරන ලද අක්‍රමිකතා එවකට යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කර ඇති අතර ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව සිය රැකියාවෙහි රැඳී සිටීමට ඉඩ ලබා දී ඇත. යහපාලන සමයේදී වී අලෙවි මණ්ඩලයේ හි සිදු වූ වංචා සහ දූෂණ පිළිබඳ කෙරුණු පරීක්ෂණ වලදී තොරතුරු වසන් කිරීම සඳහා විමර්ශනවලට අදාළ ලිපිගොනු සහ වෙනත් ලේඛන හිතාමතාම සැඟවීමට ක්‍රියාකර තිබුණු බවත් හෙළිව තිබිණි.

මෙම ඉහළ නිලධාරීන් තිදෙනා වංචා රැසකට සම්බන්ධ වී ඇත. වී මෝල් හිමියන්ගෙන් වී විකිණීම සඳහා මුදල් ගැනීම සහ වී ගබඩා කිරීම සඳහා පොලිසැක් බෑග් මිලදී ගැනීම සඳහා මණ්ඩලයේ අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම ඒ අතර වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මෙම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති අතර වංචාවන්ට අදාළ සියලුම ලිපිගොනු හෙට (25) රහස් පොලිසියට භාරදීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේ වංචාව සම්බන්ධයෙන් සීඅයිඩීය විසින් දැනටමත් මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැන් රිමාන්ඩ් භාරයේ පසුවේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ විසින් දෙසැම්බර් 24 වන දින පොලිස්පතිවරයා වෙත ලබා දුන් තොරතුරකට අනුව ප්‍රාදේශීය කළමනාකරු පසුගිය දෙසැම්බර් 31 වන දින කිලිනොච්චිහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් අළුත්ගමගේ මහතා පෙන්වා දී ඇත්තේ මෙම ප්‍රාදේශීය සභා කළමනාකරු විසින් වී මෝල් හිමියන්ගෙන් වී කිලෝග්‍රෑමයකට රුපියල් 3.00 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බවයි. වී මෝල් හිමිකරුවතු විසින් මේ පිළිබඳව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ වී කිලෝ ග්‍රෑම් මිලියන 1.2 ක් සඳහා මෙලෙස කොමිස් මුදල් ලබාගෙන ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us