අහස සිඹින, රජයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීම් ඇරැඹේ..!

Published in පුවත්
Sunday, 24 January 2021 15:44

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි විශාලත ම රාජ්‍ය ආයතන කාර්යාල සංකීර්ණය වන සෙත්සිරිපාය අදියර III හි ඉදිකිරීම් කටයුතු පසුගිය 22 වැනි දා බත්තරමුල්ලේ දී ආරම්භ කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහ ජනතාවට සේවාවන් පහසුවෙන් ලබා ගත හැකිවන සේ රාජ්‍ය ආයතන කාර්යාල ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ඉදිකිරීම සිදු කෙරේ.

රථවාහන වාහන තදබදය අවම කර ගැනීම, කොළඹ තදාසන්න ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන කාර්යාල මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම, ජනතාවට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් මෙම ආයතන ස්ථාපිත කිරීම යන කාරණා මුල්කරගෙන සෙත්සිරිපාය අදියර III හි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය මහල් 25 කින් සහ වර්ග අඩි මිලියන 1.37 කින් සමන්විත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයකි. නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාල සංකීර්ණය තුළින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

වසර දෙකහමාරකින් මෙහි සියළු වැඩ කටයුතු අවසන් කෙරෙන අතර මෙම සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වන මුදල රුපියල් බිලියන 16.7 කි.
මෙහි ගෘහ නිර්මාණ ශිල්පීය උපදේශකයන් ලෙස නිර්මාණ ව්‍යාපෘති කළමනාකරණ හා උපදේශන අංශය කටයුතු කරනු ලබයි. විශාලතම ආයෝජනය සිදුකරමින් රජයේ කාර්යාල සංකීර්ණය සහිතව ඉදිකෙරෙන උසම ගොඩනැගිල්ල ද මෙය වීම විශේෂත්වයකි.

නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ හිමිකම් සහ මූල්‍ය දායකත්වය දරණ මෙම කාර්යාල සංකීර්ණය විවිධ මහජන පහසුකම්වලින් සමන්විතයි. රජයේ කාර්යාල සහ අර්ධ රාජ්‍ය කාර්යාලවලින් සමන්විත වීමත්, සියලු වාණිජ කටයුතු හා බැංකු කටයුතු සිදු කර ගැනීමට හැකිවීමත් හේතුවෙන් මහජනතාවට ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

මේ සියළු සේවා සමඟින් වෙනත් කටයුතු පහසුකරන රැස්වීම් ශාලා, විශේෂිත වූ උත්සව ශාලා සහ වාහන 710 ක් නවතාලිය හැකි රථගාල මෙන් ම වෙනත් විවිධ කටයුතු වෙනුවෙන් වූ බහු කාර්ය ශාලා, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වැනි පහසුකම්වලින් ද මෙය සමන්විත වේ. මේ සියල්ල ඇතුළත්ව ඉදිකෙරෙන මෙම සෙත්සිරිපායේ III වන බහු මහල් කාර්යාල සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන කලාපය තුළ කේන්ද්‍රගත වීම විශේෂත්වයකි.

141487302 3653677554745751 3208246596461479504 o

නව බහුමහල් කාර්යාල සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනුතුරුව කතා කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අලුත් දෙයකට මේ රටේ සුබවාදි දැක්මක් බොහෝවිට සමාජයට නැති බවත් මෙම නව බහු මහල් කාර්යාල සංකීර්ණයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනැගෙන බවත් පැවසුවේ ය.

“කොරෝනා වසංගතය අස්සේ අතපය බැඳගෙන ඉන්න ඕනේ නැහැ. ලංකාවේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පුළුවන් වුණා අසාර්ථකත්වයෙන් මේ රට මුදා ගන්නට. පසුගිය දශකය තුළ පැවැති ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා. සහරාන්ලා සමාජයට එල්ල කරපු අභියෝගය පරාජය කළා. ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන්න බැරි විදිහේ වැඩපිළිවෙළක් අද ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එක්වෙලා හදලා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කරන ගමන් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වමින්, පාතාල ක්‍රියාකාරකම් මැඩ පවත්වමින් කටයුතු කරනවා. බයක් සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් සමාජයක් ගොඩනඟලා, එක තැන පල්වෙන සමාජයක් වෙන්න නොදී, ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට යන සමාජයක් බවට පත් කිරීම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරමාර්ථය.

අද වෙනදා වගේ රාජ්‍ය සේවකයාට බයවෙන්න හේතුවක් නැහැ. පසුගිය ආණ්ඩුව කාලේ තිබුණා FCID කියලා නීතී විරෝධි පොලිස් ආයතනයක්. ඒකට නිතිපතා මේ රටේ රාජ්‍ය සේවකයෝ සහ ක්‍රියාකාරිකයෝ ගෙන්නුවා. MAGA ආයතනයේ සභාපතිතුමත් ගෙන්නුව ද දන්නේ නැහැ. සමහර ඉදිකිරීම් ආයතනවල අයවත් ගෙන්නුවා. කොළඹ මහානාම පාසලට ඉංජිනේරු සංස්ථාවත් එක්ක කොන්ත්‍රාත්තුවක් ගත්ත කෙනෙකුට කියලා මහානාම විදුහල ඉදිරිපිට පාර වරක් කාපට් කෙරෙව්වා. ඒකට පිරිවැය දැරුවේ ඒක කළ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක්. ඒක කළා කියලා අර ඉදිකිරීම් ආයතනයේ සභාපතිව කැඳෙව්වා FCID එකට. එතනදී අහනවා ඒ කාපට් එක කරන්න මම කීයක් දුන්න ද කියලා. මං දීපු කීයක්වත් නෑ. උදව්වක් හැටියට ඒ මනුස්සයා ඒක කරලා දුන්නා. ඒ මට්ටමට හැදුවා. FCID විසින් වැඩ කරපු සියළු දෙනාම භීතියට පත්කළා. ඒ නිසා රාජ්‍ය සේවකයා වැඩ කරන්නේ නැති තත්ත්වයට පත්වුණා. තීරණ ගන්නේ නැති තත්ත්වයට පත්වුණා. අද ඒ කැත ආදර්ශය නෑ. අපි ඒක අනුගමනය කරන්නේ නෑ. පහුගිය කාලයේ මේ රටේ රාජ්‍ය සේවකයාගේ කොන්ද හරියාකාරව තිබුණේ නෑ. අද අපි හැමෝටම වැඩ කරන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ නිසා අපි අපේ වැඩ කිරීමේ ධාරිතාවේ වැඩිකරලා වැඩ ටික හරියාකාරව කරමු.”යනුවෙන් ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ කොළඹ පුරා විසිරී තිබූ රජයේ කාර්යාල සංවර්ධන කලාපයකට රැගෙන එන බවයි.

“මේ ව්‍යාපෘතියෙන් කොළඹ නගරයේ ඉඩකඩම් ටික නිදහස් කරගන්න පුළුවන්. ඒත් අලුත් වෙන කොළඹ නගරය වෙනුවෙන් 21 ක් වන සියවසයේ කොළඹ නගරයේ අඩුපාඩු ටික එකෙන් හදාගන්න පුළුවන්. මහජනතාවට උපතේ සිට විපත දක්වා රාජ්‍ය සේවය අවශ්‍ය වෙනවා. එහෙම රාජ්‍ය සේවයක් ජනතාවට වඩාත් පහසු එකම ස්ථානයකට ඇවිල්ල කරගන්න පුළුවන් නම් ඒ තමයි රටේත්, ජනතාවගේත් දියුණුව. මේ විදියට රජයේ කාර්යාලයක් වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් එකම තැනකට ගෙන ආවම ඒ ප්‍රදේශය තවත් දියුණු වෙනවා. මහා මාර්ග පද්ධතිය අලුතින් ඉදිවෙනවා. ඉඩම් මිල ඉහළ යනවා. මේ විදියට අංග සම්පූර්ණ පරිපාලන කේන්ද්‍රයක් ඇති කිරිමෙන් නොසිතූවිරූ දියුණුවක් ඇති වෙනවා. ඒකට ලැබෙන ලාභය අපිට නොවෙයි ජනතාවට ලැබෙන්නේ. මට ජනතාවට කියන්න තියෙන්නේ දැන්වත් සෘණාත්මක සිතීම අත් හරින්න කියලා. අපේ ජනාධිපතිතුමා වගේ ධනාත්මකව සිතන්න. අඳුර නොදකින්න. ආලෝකය දකින්න. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විශිෂ්ඨ දේශපාලඥයෙක්. එම නායකයින් දෙදෙනාගේ උපදෙස් අනුව රට සංවර්ධන කිරීමේ වැඩ කටයුතු සිදුවෙනවා. යනුවෙන් නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

140691060 3653677574745749 3636570203283368869 o

වසර දෙකහමාරක් ඇතුළත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා සඳහන් කළේ ය.

“නාගරික සංවර්ධන අධිකාරියට උදාවෙන හැම දවසක්ම සුබයි. මේක මීට කලීන් අවස්ථා දෙකක්ම උත්සාහ කරලා අසාර්ථක වෙලා අතහැර දැමූ සංවර්ධන ව්‍යාපෘතියක්. නමුත් අවසානයේදී අපි ජය ගත්තා. ඒ අපේම මුදල්වලින් සහ අපේම දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් තුළින්. අපි හෙට අනිද්දාම විදේශ කටයුතු අමාත්‍ය කාර්යාලයත් මේ ගොඩනැගිල්ලට ගෙන එනවා. ඒ ගොඩනැගිල්ල ඉතාම පුරාණ ගොඩනැගිල්ලක් විදියට අපි ආරක්ෂා කරනවා. අවුරුදු තුනහමාරකින් හදන්න තිබ්බ මේ කාර්යාල සංකීර්ණය අවුරුදු දෙකහමාරකින් හදන්න කියලා ජනාධිපතිතුමා දුන්නු අභියෝගය අපි ඉටුකරනවා. දැනටමත් මේ කාර්යාල සංකීර්ණයෙන් කාමර ඉල්ලනවා වැඩි පිරිසක්. රුපියල් මිලියන 16.7 ක් වියදම් කරලා හදන මේ ගොඩනැගිල්ලෙන් දෙන්න පුළුවන් වෙන්නේ වර්ග අඩි මිලියන එකක් විතරයි. තව වර්ග අඩි මිලියන 04 ක ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා තව ගොඩනැගිල්ලක් හදන්න නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කළා.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා ප්‍රකාශ කළේ ය.

මෙම බහු මහල් කාර්යාල සංකීර්ණය ඉදිකිරීම සඳහා ලංසු තැබීම් 06 ක් ඉදිරිපත් වූ අතර එම ලංසු විවෘත කිරීම අනුව සෙත්සිරිපාය III පරිශ්‍රය ඉදිකිරීම් ක්‍රියාත්මක විය. ඒවා විමර්ශනය කිරීමෙන් පසු MAGA කොන්ත්‍රාත් ඉදිකිරීම් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය විය.

මහල් 25 කින් සහ වර්ග අඩි මිලියන 1.37 කින් සමන්විත වන මෙම ව්‍යාපෘතිය පෙර කොන්ත්‍රාත්කරුවන් විසින් රුපියල් බිලියන 22 කට ඉදිකිරීම් පිරිවැය තක්සේරු කර තිබුණි.

මෙම ගොඩනැගිල්ල රුපියල් බිලියන 16.7 කින් ඉදිකර නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. මේ අනුව රුපියල් බිලියන 5.3 ක් ම රටට, ජනතාවට, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉතිරි කර ඇත.

140563017 3653678141412359 6719125872366698500 o

Last modified on Sunday, 24 January 2021 15:45

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us