2012 සිට සිදු කෙරෙන මුහුදු පැලෑටි ජාන කොල්ලයක් ගැන තොරතුරු හෙළිවේ
මෙරට මුහුදේ මෙරටට ආවේනික පැලැටී වර්ගවල ජාන ලබාගෙන ජපානයට හොර රහසේ රැගෙන යන රාජතාන්ත්‍රික නිළධාරියකු ගැන තොරතුරු අනාවරණය වී තිබේ. මෙරට ජපාන තානාපති කාර්යාලය හා සම්බන්ධව ඉහළ තනතුරක් දරණ මෙම පුද්ගලයා හිටපු ක්‍රීඩකයකු මෙන්ම මේ රටට වාහන අපනයනය කිරීම ඇතුලුව විශාල පරිමාණයේ ව්‍යාපාර කිහිපයක්ම සිදු කරන්නකුද වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජපක්ෂවරුන්ට දැක්වූ හිතෛෂීභාවය නිසා ඔහුට මෙම තනතුර ලබා දී ඇත. ඔහුගේ බිරිඳද ජපන් ජාතික කාන්තාවකි.
ඇවන්ගාඩ් බිස්නස් එකෙන් නාවික හමුදාවට පොලු පිට පොලු. දවසේ ආදායම ලක්ෂ 70 ට බහියි
ඇවන්ගාඩ් ව්‍යාපාරය සතුව තිබු පාවෙන අවිගබඩා හා එම ව්‍යාපාරය නාවික හමුදාවට ලබා ගැනීමේන් පසුව එම ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බවත් දිනකට කෝටි 2ක ආදායමක් ලබන බවටත් ආරක්ෂක ලේකම්වරයා හා ඇතැම් ඇමැතිවරුන් කළ ප්‍රකාශය සාවද්‍ය බව පෙනී ගොස් තිබේ. එමෙන්ම නාවික හමුදාවෙන් අවි හා සී මාර්ශල්වරුන්ගේ සේවය ලබාගත් විදේශ සමාගම් 3 මේවන විට අදාල මුදල් ගෙවීම පැහැර හැර ඇති බැවින් ලැබිය යුතුව තිබුණු රුපියල් කෝටි ගනනක් අහිමිව ඇති බවත් වාර්තාවේ.
අලි ජාවාරම් කළ කහකඩධාරීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි ?
උඩුවේ ධම්මාලොක හා කොළොන්නාවේ සුමංගල නම් කහකඩධාරීන් දෙදෙනා අලි ජාවාරම් කර තිබෙන බව මේ වන විට සියළු සාක්ෂි සමඟ ඔප්පු කිරීමේ හැකියාව අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව සතු බව දැන ගැනීමට තිබේ. එහෙත් මේ කහකඩධාරීන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරීම සිදුකිරීම තව දුරටත් ප්‍රමාද වෙමින් තිබේ.
එජාපය දෙකට කඩා අලුත් පක්ෂයක් හැදිමේ කොන්ත්‍රාතුව තිස්ස බාරගෙන
එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් හා පක්ෂය කෙරෙහි මේවන විට කලකිරී ඇති ජේෂ්ඨයන් ඒකරාශී කරගනිමින් අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගීමට එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ වන විට සූදානම් වෙමින් සිටී.
ෆොනීගේ ගෝලයාට යහපාලනයෙන් දඩුවම් නෑ. පරීක්ෂණ යට ගසයි
පකිස්ථානයේ ජාතික ආරක්ෂක පුහුණු පාසලේ පාඨමාලවක් හැදැරීමට ගොස් සිටින මේජර් ජනරාල් කැප්පෙටිවලාන මහතා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ආරක්ෂක උපදේශකවරයාට පහර දීමට කළ උත්සාහයක් සම්බන්ධ පරීකෂණය යට ගැසීමේ උත්සාහයක් ක්‍රියාත්මකව ඇති බව වාර්තාවේ.
අලුත් ආණ්ඩුවේ පළමු නිළ මාධ්‍ය දඩයම! සුභාෂ් - දීප්ති CID යට
සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධනට අද (10) රහස් පොලිසියේ පෙනීසිටින ලෙස සිදුකළ දැනුම්දීමට අනුව මීට ස්වල්ප මොහොතකට පෙර සත්හඬ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න සහ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන රහස් පොලිස් මුලස්ථානයට පෙනී සිටියහ. මෙම ජායාරූපයේ දැක්වෙනුයේ එම අවස්ථාවය.
ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් හෙට
නිදහසේ වේදිකාව සමඟ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම හෙට (10) ප.ව. 3.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මන්දිරයේදී පැවැත්වේ.
ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 'සත්හඬ' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව රහස් පොලිසියේ නිලධාරියකු පැවසිය.
තමන් ඇතුළු ඇමතිවරුන් තිදෙනෙකුට අපහාස කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව කල විමසීමකදී එම නිලධාරියා එසේ පැවසිය.

