ඇවන්ට් ගාර්ඩ් විදේශ ශ්‍රමිකයන් ගෙන්වන්නෙ නැහැල්ලු..!

Published in පුවත්
Saturday, 23 January 2021 09:29

 ඇවන්ට් ගාර්ඩ් ආයතනය විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමේ ව්‍යාපාරයෙන් අයතා ලෙස ලාබ ලබන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කොට තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

 

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීම පිණිසයි.

කොවිඩ් - 19 තත්වය නිසා මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙල අනුව, එම ක්‍රියාවලිය ඇවන්ට් ගාර්ඩ් ආයතනය මඟින් අනිවාර්යෙන්ම කරගත යුතු බවත්, එහිදී සාමාන්‍ය ගාස්තුවට වඩා අධික ගාස්තුවක් අයකරමින් කටයුතු කරන බවත් යනුවෙන් සමාජ මාධ්‍ය තුල කිසිදු පදනමක් නැති ව්‍යාජ තොරතුරු ‍රැසක් සංසරණය වන බව අපට නිරීක්ෂණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අප ආයතනය වෙත අවලාද නඟමින් එය වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කොටස් විසින් ගෙන යන මඩ ව්‍යාපාරයේ කොටසක් ද කර ගනිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙහෙයවන බවත් අපට නිරීක්ෂණය වී තිබේ.

මේ මොහොතේ මෙරට අහිංසක ජනතාව නොමඟ යවමින් සිදුකරන මෙම නිහීන ක්‍රියාව ගැන සත්‍ය තත්වය ගැන පැහැදිලි කිරීම අපගේ යුතුකමක නිසා මෙහි සත්‍යතාවය මෙසේ පවසා සිටිමු.

ශ්‍රී ලංකික විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජය දියත් කළ වැඩ පිළිවෙල අනුව අප ආයතනයද ඊට හවුල් විය. ඒ අනුව රජයේ කොන්දේසි ප්‍රකාරව එම කටයුත්තේ නියැලුණු අතර කිසිදු ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයෙකුගෙන් අයතා ලෙස මුදල් ලබාගැනීමක් සිදුකර නොමැති බවත් වගකීමෙන් පවසා සිටිමු.

එසේම අප ආයතනය, මෙරටට විදේශ විනිමය ‍රැස්කර දෙන විදේශ ශ්‍රමිකයන් නොහොත් මේ අපේ රට විරුවන්ට කරන ගෞරවයක් ලෙස වඩාත් අසීරුතාවයන්ට මුහුණ පාසිටි රට විරුවන් සිය ගනනක් සහනශීලි ගාස්තු යටතේත්, සම්පූර්ණයෙන්ම නොමිළයේත් මෙරටට ගෙන්වා ඇත්තෙමු. එපමණක් නොව පී.සී.ආර්. පරීක්ෂණ, නිරෝධායන කාලය තුල තරු පංතියේ හොටල් පහසුකම් පවා අප නොමිළයේ ලබා දී ඇත්තෙමු. එම තොරතුරු සියල්ල අප විසින් මීට පෙර හෙළිදරව් කර ඇති අතර අවශ්‍ය අයෙකුට ඒ ලබාදීමේ හැකියාවද ඇත.

එහෙත් කොඩිඩ් -19 දෙවන රැල්ල හමුවේ මෙරට ගුවන් තො‍ටුපොළ හදිසියේ වසා දැමීමට රජය තීරණය කිරීම නිසා අප සැලසුම්කර තිබූ ආකාරයට මෙම කටයුතු සිදු කිරීම අත්හිටුවීමට සිදුවිය. අවසන් වරට 2020 සැප්තැම්බර් මස 06 වන දින ඩුබායි සිට මෙරටට ගෙන්වීමට සිටි විදේශ ශ්‍රමිකයන් පිරිස ද නොමිළයේම මෙරටට ගෙන්වීමට සියලු කටයුතු සූදානම්කර තිබූ නමුත් රජයේ හදිසි තීරණය හමුවේ එයද අත්හිටුවීමට සිදුවිය.

කෙසේ නමුත් 2020 සැප්තැම්බර් මස 06 වන දිනෙන් පසුව අප මෙතෙක් විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම සිදුකර නැත. මේ වන විටත් එම කටයුතු නැවත ආරම්බ කිරීමට ද අදහස් කර නැත.

එම තත්වයන් හමුවේ අප ආයතනය විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ කටයුත්තේ දී අයතා ලෙස ලාබ උපයනවා කියමින් ඇතැමුන් ගෙන යන අවලාදාත්මක ප්‍රකාශ වල කිසිදු පදනමක් නැති බව අවධාරණ කරමු.

යම් හෙයකින් අප ආයතනයේ නම අවභාවිතා කරමින් කිසියම් පුද්ගලයෙක්, සංවිධානයක් හෝ ආයතනයක් විසින් හෝ මේ කටයුත්තේ නිරතව සිටී නම් ඒ සම්බන්ධයෙන් අපට වගකීමක් ගත නොහැක. එහෙත් එවැනි තත්වයන් ඇතිව තිබේ නම් කරුණාකර අප ආයතනය දැනුම්වත් කරන ලෙසද ඉල්ලා සිටින අතර එම වංචනික කටයුතු වැලැක්වීමේ වගකීම අප බාරගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කරමු. මන්ද රට වෙනුවෙන් දාඩිය මුගුරු හලමින් විදේශයන්හී සේවයකරන අපගේ රට විරුවන්ට යම් වංචාවක් අසාධාරණයක් අයුක්තියක් සිදුවේ නම් මේ රටේ වැදගත් වගකීම සහගත ව්‍යාපාරයක් වන ඇවන්ට් ගාර්ඩ් සමාගමත් අප සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාත් එම වංචනික කූට ව්‍යාපාර හෙළිකර ඊට නීතිමය පියවරයන් ගැනීමට නිරන්තරයෙන්ම සූදානම් බැවිනි. ඊට ඔබේ සහය අව්‍යශය.

මේ වංචනික කටයුතු සම්බන්ධයෙන් දුරකතන අංක +94 11 2053140 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට හෝ සියළු තොරතුරු දැනුම් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us