ජනාධිපතිවරයාව බලයෙන් පහ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගෙන ඒමට හැකි දෝෂාභියෝග යෝජනාව සඳහා සියලු කරුණු සම්පුර්ණ වී ඇත.ශාරීරික හෝ මානසික දුබලතාවය , ආණ්ඩුක්රම ව්යවස්ථාව සාපරාධීලෙස උල්ලංඝණය කිරීම ,රාජ්‍ය ද්‍රෝහී වීම,අල්ලස් ගැනීම,අනාචාරය,රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතය චරිත දුෂණය පිලිබඳ වරදකරුවෙක් වීම නීතිය මගින් වරදකරුවෙක් වීම.. ජනපතිට එරෙහි දෝශාභියොගයක් සඳහා පදනම් කර ගත හැකි කරුණු වේ. මින් බොහොමයකට අදාලව අවශ්‍ය කරුණු සම්පූර්ණ වී තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ දේශපාලන අර්බුධය වහාම ඔහු විසින්ම විසඳිය යුතු බවත් එසේ නොවුණ හොත් අද රට පත්ව තිබෙන බරපතල ආර්ථික අර්බුධය සහ ඒ නිසාම ඇති වෙන සාමාජීය අර්බුධ සියල්ලටම ජනාධිපතිවරයා මුළුමනින්ම වගකිව යුතු බව ශ්‍රී ලනීපයේ මෛත්‍රී පාර්ශ්වයේම පිරිසක් ඊයේ (23) සවස ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරනු ලැබීමත් සමග ඇති වූ දේශපාලන අර්බුදයෙන් රට අස්ථාවර වීම හේතුවෙන් රටේ ජාතික ආර්ථිකයට මේවන විට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 72,000 (බිලියන 720) ඉක්මවන බව ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා බහ බැංකුවේ බැඳුම්කර මිළදි ගැනීමේදී පර්පෙච්චුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්ථාව හෙලි කරන බවට සිරිසේන සහ මහින්ද පාර්ශ්වය දැන් දින කිහිපයක සිට බලවත් ප්‍රචාරයක් ගෙන යයි.

ඊයේ (22) ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ ,ලසන්ත අලගියවන්න ඇතුලු කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට එකඟ වූ බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි.

සිරිසේන ජනාධිපතිවරයා පත් කළ හොර අගමැති මහින්ද රාජපක්ෂට අද දිනද පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දි ගත නොහැකි බව ඉලෙක්ට්‍රොනික මාධ්‍යය පාවිච්චි කිරීමෙන් අනතුරුවද තහවුරු කෙරිණි.

අපේ පොලිස් සහ උසාවි

පොලීසි වල තාප්ප කඩා මල් වැව්වාට, පොලිස්පති පූජිත් ජයසුන්දර භාවනා පන්ති කළාට පොලිසි ඇතුළේ තවදුරටත් සැකකරුවන්ට කෲර වධ හිංසා කෙරෙන්නේය. සැකකරුවන් මාංචු පිටින් ගංගා වලට පැනීම අඩු වූවාට අදටත් ඒ එකදු සිද්ධියක් සම්බන්ධයෙන් හෝ කිසිදු අධිකරණයක් පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර නැත. අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවකුගේ වගකීම පොලිස් ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. ඒ කියන්නේ ඒ සියලු ඝාතන වලින් ගැලවෙන්නට අධිකරණයටත් නොහැකිය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කතරගම මැණික් ගඟ රකෂිතයේ නිති විරෝධීව ඉදි කරන ලද සුවිසල් නිවස පිළිබඳ, මෑතකදී රහස් පොලිය ආරම්බ කර තිබූ විමර්ශන කටයුතු වහාම අත් හි‍ටුවන ලෙස රහස් පොලිසියේ උසස් නිළධාරියෙකුට අද නියෝගයක් ලබා දී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us