කොරෝනා නව ප්‍රභේදයේ ව්‍යාප්තිය රටවල් 60 කට වැඩි

Published in පුවත්
Wednesday, 20 January 2021 15:43

මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය රටවල් 60 කට වැඩි සංඛ්‍යාවකට මේ වන විට ව්‍යාප්තව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

නව කොරෝනා වයිරස් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානයකට යොමු කළ යුත්තක් බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. මෙහි ප්‍රධානම ලක්ෂණය නම් වැඩිවේගයකින් ආසාදනය සිදුවීමයි.

මේ අතර රුසියාව විසින් නිෂ්පාදනය කළ දෙවැනි කෝවිඩ් එන්නත 100%ක් සාර්ථක බව එරට මාධ්‍ය සදහන් කරනවා. සායනික පරික්ෂණවලින් පසු මෙය තහවුරු වූ බවයි රුසියා බලධාරීන් සඳහන් කළේ.

එපි බැක් කොරෝනා නම් මෙම රුසියා කෝවිඩ් එන්නත පසුගිය වසරේ නොවැම්බර් මස සිට ජනතාවට ලබා දෙමින් අත්හදා බැලීම් සිදු කෙරුණා.

මීට පෙර නිෂ්පාදනය කෙරුණු ස්පුට්නික් වී එන්නත ද 92%ක සාර්ථකත්වයක් පෙන්නුම කළ බව රුසියා බලධාරීන් සඳහන් කළා. එම එන්නත ඉන්දියාව , ඊජිප්තුව , වෙනිසියුලාව ඇතුළු රටවල් රැසකට මේ වන විටත් යවා තිබෙනවා.


-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us