කෘෂිකර්මාන්තයට ජාතික ප‍්‍රතිපත්තියක් මාස 6 ක් ඇතුළත  

Published in පුවත්
Wednesday, 20 January 2021 12:37

කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරි මාස 6 තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප‍්‍රකාශ කර තිබෙනවා.

දැනටමත් ඒ සදහා 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට කෘෂිකර්ම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් නොමැති වීමද ප‍්‍රධාන ගැටලුවක් ලෙස හදුනාගෙන තිබෙන බැවින් ඉදිරි මාස තුන තුළ එම දත්ත පද්ධතිය සකස් කර අවසන් කිරිමයි සැලසුම වී ඇත්තේ. මේ වන විට සියයට හැටකිින් පමණ දත්ත පද්ධතිය සකස් කිරිමේ කටයුතු අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

මේ පිළිබදව මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

''පෞඩ ඉතිහාසයක් ඇති අපේ රටේ කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් අදටත් නැහැ...කලින් කලට ,ආණ්ඩුවේන් ආණ්ඩුවට ,කන්නයෙන් කන්නයට වෙනස් නොවන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ජාතික අවශ්‍යතාවක්...දිවයිනම ආවරණය වන කෙන්ද්‍රගත කෘෂිකර්ම තොරතුරැ පද්ධතියක් තවම රටට නැහැ...මේ කරුණු දෙකම යතාර්ථයක් කරන්න අප පියවර ගත්තා...මෙම ජාතික වශයෙන් කෘෂිකර්මයට වැදගත් කරුණු 2ක පිළිබද අද අමාත්‍යාංශයේදි මා මාධ්‍ය දැනුවත් කළා.....'' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us