ඊයේ දිනය තුළත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Published in පුවත්
Wednesday, 20 January 2021 12:12

ආසාදිතයින් 130ක් වාර්තා කරමින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ (19) දිනයේ දී මෙරටින් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 669 ක් වන අතර, ඉන් ආසාදිතයින් 9 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කොරෝනා ආසාදිත රෝගීන් තුන් දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 54419ක්. 7552 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව46594ක්.

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 14,294 ක් බවයි වාර්තා වෙන්නේ.

මේ අතර මාලදිවයිනේ සිටි ශ්‍රි ලාංකිකයින් 28 දෙනෙකු කටාර් සිටි 110 දෙනෙකු සෞදි අරාබියේ සිටි 76 දෙනෙකු සහ ඉන්දියාවේ සිටි 55 දෙනෙකු අද (20) උදෑසන දිවයිනට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථාන 96 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව අටදහස් එකසිය අසූඅටක්.
.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us