යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිසු ගැටුම දඩමීමා කරගෙන රට තුළ නැවතත් ජාතිවාදී කලබල ඇති කිරීමේ සංවිධානාත්මක උත්සහයක් ඇති බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු. උතුරේ රතිඤ්ඤා කරලක් හෝ පිපිරෙනකම් බලා සිටි දකුණේ සිංහල බෞද්ධ තක්කඩියන්ට දැන් කාලයක් යනකම් මේ සිදුවීම දෙමළාට එරෙහිව පාවිච්චි කරන්නට ප්‍රමාණවත්ය. මේ වන විට සමාජ ජාලාවල පැල පදියම්ව සිටින සිංහල බෞද්ධ වර්ගවාදී කාලකණ්නින්ට ද රජ මඟුල්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනය පිවිස මෙම මස 26 වන දිනට, දින දස දහසක් පිරීම නිමිත්තෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ. මෙම වැඩ සටහනට ආගමික, පාරිසරික, සෞඛ්‍ය, ආදී සමාජ සේවා කටයුතු රැසක් මෙන්ම රට පුරා විශේෂ උත්සව ගන්නාවක්ද සූදානම් කර තිබේ. මේ වෙනුවෙන් මිලියන සියයකට වැඩි මුදල වැය වනු ඇති බවත් දැන ගැනිමට තිබේ.
ආඳා දොලේදී රෙදි ගැලවුණ කැන්ටර් පියසේන තවත් කුප්ප වැඩක් කරයි
ආඳා දොල හරස් කළ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා එම සමාගම ගන්න උත්සාහය වෙනුවෙන් එම සමාගමේ දොල පිදෙනි ලබමින් සිටින කැන්ටර් පියසේන හෙවත් පජාත දේශපාලන තකඩියකු වූ පියසේන ගමගේ පසුගියදා ඔහුගේ මැරයන්ගෙන් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට එරෙහිව අභුත චෝදනා නගා ඔහුව මෙල්ල කිරීමේ උත්සාහයක නිරතව සිටී.
පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් ඊයේ (12) සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.
මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගනු ! - දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය
පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පසුගිය 12 වනදා ගාල්ල, නෙළුව, දෙල්ලව , ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී හිටපු අමාත්‍ය වරයෙකු වන පියසේන ගමගේගේ මැරයන් පිරිසක් පහරදී ඇත.
මිට්ටා කට්ටයාලු. ඒත් ඉසුරගේ ඩබල් ගේම් මාට්ටු. ළඟදිම මට්ටු වෙන හැඩ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස පත් කරන ලද පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය එම තනතුර ලබාගෙන ඇත්තේ ජනාධිපතිවරයාව සහ එම පාර්ශ්වය ගොනාට අන්දවා බව මේ වන විට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබේ.
වැට් බදු වැඩිකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන ජනතාව හමුවේ ව්‍යාජ රංගනයක් දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු නඩයේ සැලැස්ම මේවන විට අලවී පොඩී වී කක්කගොඩක් බවට පත්ව තිබේ.