ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වන බලවේගවලින් ඔහුව රැක ගතයුතු බව අගමැතිවරයා එජාප මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ. කිලී මහරාජා සහ ඔහුගේ මාධ්‍ය නඩයත් ,ඔහුගෙන්ම වරප්‍රසාද ගන්නා ගොබ්බ ජනාධිපති උපදේශකයෝ , මහරාජා යටතේ තිබෙන් ජනාධිපති මාධ්‍ය අංශයත් සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායමත් විසින් මේ වන විට ජනාධිපතිවරයාව දැඩී පීඩනයකට ලක් කර ඇති බවත් එම නිසා මේ මොහොතේදී ඔහුට ශක්තියක් වීම මිස ඔහුව විවේචනයට නොකරන ලෙස අගමැතිවරයා අවධාරණය කර තිබේ.

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා පහත් පටු දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් ඉ‍ටුකර ගැනීමට කිලී මහරාජා සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කල්ලිය සිදු කළ කුමන්ත්‍රණ හෙළිදරව්වී ඔවුන් හතර හන්දි කඩාගෙන සිටියද තව දුරටත් එම උත්සාහයයන් වල නිරත වෙමින් සිටී.

මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායම ලබාගත් ඊනියා ජයග්‍රහණය ආපස්සට හරවා පොහොට්‍ටු කණ්ඩායම සීසීකඩ කිරීම සඳහා එජාප හා ශ්‍රීලනීප ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව ශ්‍රීලනීප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස පැවැති මාධ්‍ය හමුවේදී තමන් අගමැතිධුරයෙන් ඉවත් නොවන බවත් ආණ්ඩුව මෙලෙසම පවත්වාගෙන යන බවත් කීවේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමැති තනතුරෙන් ඉවත් වන අතර ඒ වෙනුවට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ. නිතිය හා සාමය ඇමැතිධුරයට ජෝන් අමරතුංග ගේ නම යොජනා වී ඇත.

නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , සහ කිලී මහරාජා හා ජනාධිපති උපදේශකයො ටික පසුගිය දින කිහිපයේදී කෙතරම් වලිකෑවද ඒ සියලු කුමන්ත්‍රණ මේ වන විට එළිදරව් වී අවසන් වී ඇත.

මහින්ද රජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඇතුලු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහි‍ටු වීමට ආරාධනා කර තිබෙන බව පැවැසේ. මේ.. ඒ දෙවනවරටය.. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිට මෙම යෝජනාව මුල් වරට ප්‍රකාශ කළ අතර අද දෙවන වරට ශ්‍රිලනීප මැති ඇමැතිවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබේ.

පළාත්පාලන මැතිවරණයෙන් පසුව මහා දේශපාලන කුණා‍ටු හැමනෙන්නට පටන් ගෙන තිබුණද අවාසානයේ අධෝ වාතයක් තරමකවත් ප්‍රතිපලයක් ඇති වී නැත .ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රශ්නය විසඳන්නට කමි‍ටුවක් පත්කර තිබේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us