ගෝඨාභය රාජපක්ෂගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට මෙතෙක් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කර නොමැති අතර සඳහා ගෝඨාභය  සොෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සඳහා සිය එකඟතාවය පල කිරීම සමඟ සිදුවෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

මෙරට නව යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්ව පත් කිරීම සමබන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ. යුධ අපරාධ චෝදනා ගනනාවක් එල්ල වී ඇති චූදිතයකු යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීම පදනම් කරගෙන මෙම විරෝධය මතුව තිබේ.

නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරය තීන්දු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය සිය අකමැත්ත පළ කර නිවේදනයක් නිකුත් කර තිබේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්නයි ඔහු විසින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වර්තා වේ.

රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන ගෝඨාබය රාජපක්ෂව බිත්තියට හේත්තු කර දෙමල ජනතවගේ නිදහස සහ අයිතීන් සම්බන්ධයෙන් ඔහු සමඟ කේවල් කිරීමකට යෑමේ ස්වර්ණමය අවස්ථාවක් එළඹ ඇතැයි දෙමළ ජාතික ප්‍රගතිශීලී පෙරමුණේ නායක සෙල්වරාජා ගජෙන්ද්‍රන් පවසා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පොලොන්නරුවේ පැවැති උත්සව අවස්ථාවක දී ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ පාර්ශ්වයේ සහය ලැබෙන්නෙ කාටද යන්න ගැන ඉඟියක් පළ කළේය. එහිදී පසුගිය 25 වසර තුළ තමා ලත් අත්දැකීම්වලින් හොඳ කෙනා කවුද , හොරා කවුද යන්න ගැන තමා දන්නා බව කීවේය. තමා එම කාලය තුලදී මැති ඇමැතිවරු ගනනාවක් ඇසුරු කළ බවත් ජනතාවට සේවයක් කළේ කවුද යන්න ගැනත් හොඳ අවබෝධයක් තිබෙන බවද අවධාරණය කළේය.

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මෙවර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීමට ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් යෝජනා කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03 වනදින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදි අරලිය ගහ මන්දිරයට විවිධ පුද්ගල කණ්ඩයම් කැඳවා ආහාරපාන සහ වෙනත් තැගී භෝගාදිය සංග්‍රහ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික ආයතනය සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 4.4 ක හිඟ බිල්පත් ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us