චීනයේ නිෂ්පාදිත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබේ.

අද උදෑසන පැවැති ජාතික නිදහස දින උලෙළ ආවරණය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මාධ්‍යවේදීන් 200 කට අධික පිරිස අතරින් 18 දෙනෙකුට කොරෝනා අසාදනය වී තිබු බව පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී තිබිම හේතුවෙන් ඒ මහතා පසුගියදා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබිණි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූවේ ඔහුය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ලබාදීම තීරණයකර තිබේනවා .

ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවා ඇති අතර "ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව" විසින් නව මෙහෙයුම් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද විවිධ පාර්ශ්ව විරෝධය දක්වා තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ හා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවත්වීමට ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us