එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම ඉතා සාධනීයයී. යහපාලනයෙන්වත් කළේ නෑ. - එස්. ශ්‍රීධරන්

Published in පුවත්
Monday, 28 June 2021 10:21

එල්.ටී.ටී.ඊ.සැකකරුවන් දාසය දෙනකු නිදහස් කිරීම තුළින් දෙමළ ජනයාගේ ඉල්ලීම් කෙරෙහි රජය යම් අවධානයක් යොමු කරන බව පිළිබිඹු වන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පසුගියදා (26) පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා රජය විසින් සෙසු දෙමළ දේශපාලන සිරකරුවන්ද නිදහස් කිරීමට පියවර ගත යුතුව ඇති බව පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

''දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ප්‍රශ්නය දෙමළ ජාතික සන්ධානයේ සටන් පාඨයක් බවට පත් වුණා. ඒ සටන පක්ෂයක් විදිහට ගෙන යද්දී දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් වෙනම සංවිධානය වුණා. මේ සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා වෙනම ස්වේච්ඡා ව්‍යාපාරයකුත් බිහිවුණා.අවසානයේදී මේ සියලුම ඉල්ලීම්වල ප්‍රතිපලයක් වශයෙන් රජය දෙමළ දේශපාලන සිරකරුවන් දාසය දෙනකු නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.

දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට රජයත් ජනාධිපතිවරයාත් මැදිහත් වන බව සිතා ගැනීමට මේක හොඳ අවස්ථාවක් වෙනවා. කිළිනොච්චියේ සුදාහරන් කියන දෙමළ දේශපාලන සිරකරුවාගේ බිරිය මියගියා. ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා තනි වුණා. ඔවුන්ට ආරක්ෂාවක් නැති වෙලාවේ බොහෝ ස්වේච්ඡා සංවිධාන එවකට පැවති යහපාලන රජයෙන් ඉල්ලා සිටියේ මානුෂීය හේතූන් මත ඔහුව නිදහස් කරන ලෙසයි. නමුත් එවැන්නක් සිදු වුණේ නෑ. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තරය පවා ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. ඒත් ඒ අවස්ථාවේ සිදු නොවූ දේ මේ ජනාධිපතිවරයා විසින් සිදු කිරීම ගැන පළාතේ මන්ත්‍රීවරයා හැටියට මම සතුටු වෙනවා.යනුවෙන්ද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us